Tuesday, June 27, 2017

දැන්වත් වැරදි හදාගමු















ඹ්නෑම පුද්ගලයකුට ඹ්නෑම දෙයක් වරදින්න පුළුවන්  නේද? අද  colour ලයිට් තුළින් මම කතා කරන්න යන්නේ දැන්වත් අපි අපගෙ වැරදි හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන. වැරදි හදාගන්න මිනිසුන්ට උවමනාවක් තියෙන්න ඹ්න.ජිවිතයේ ආපස්සට හැරිලා බලන්න. තමන්ට වැරදුන අතපසු වුන fදුවල් කොයිතරම් තියෙනවද කියලා. කතාවටත් කියනවනේ ලෝකයේ දරුණුතම සත්වයා මිනිසා කියලා. එහෙම කියන්නත් හේතු කාරණා බෝහෝමයක් තියෙනවා. එයින් එක් හේතුවක් තමා මිනිසුන් අතින් සිදුවන වැරදි ක්‍රියා නැතිනම් වැරදි දේවල්. හැමදෙනා අතින්ම වැරදි සිදුවිම සුලබ කාරණාවක. එකත් එකටම තමන් අතින් සිදුවන වැරදි හදාගෙන ජිවත් වීම තමා දේව ගතියක් වන්නෙත්. වැරදි කරන පුද්ගලයාට තමන්ගේ වැරුද්ද නොපෙනි අනුන්ගේ වැරදි පෙනීම අද සමාජයේ ප්‍රබල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා.මතකද අපි පුංචි කාලේ ඉගෙන ගත් දේවල්,මව්පියන්ට සලකන්න,වැඩිහිටියන්ට ගරු කරන්න,පොදු දේපල ආරක්ෂා කරන්න  මෙවැනි කාරණා මිනිස්සුන් වයසට යාමත් එක්ක අමතක කරලා දමනවා. කොටින්ම කියනවානම් සමහර මිනිසුන්ට මතක නැ තමන් ඒ කාරණාවන් ගැන දැනන් හිටියද කියන එකවත්.මේ වගේ පුංචි කාරණා නිසා පසු කාලයේදි මිනිසුන් මහ වැරදි කරුවන් බවට පත්ව්ම සමාන්‍යයි.
තවත් කාරණාවක් තමා උඹ තමා වැරදි කියලා ඇඟිල්ල දිගු කරලා අනෙකාට බනිද්දි නිකමටවත් මිනිසුන්ට හිතෙන් නැතුව ඇති තමන්ට විරුද්ධව තමන්ගේම ඇඟිලි තමාගේ දෙසට යොමු වි ඇති බව.එහෙනම් දැන් නුඹත් මඳකට සිතන්න තමන් අතිනුත් වැරදි ක්‍රියාවන් සිදුවනවාද කියලා.අපි ඹ්න තරම් වැරදි කරලා ඇති එත් ඒ වැරදි මත්තේ නැහි නැහි ඉන්නවාට වඩා හොඳ නැද්ද වැරදි හදාගෙන යහපත්ව ජිවත් වන එක. 
තමන්ගේ දේමාපියන්,නෑදැයන්,සහෝදරයන්,පෙම්වතා,පෙම්වති දැනට නුඹව හැර ගොස් වෙන්නත් පුළුවන් එයට හේතුව එක්කෝ තමන් අතින් කියවුන පුංචි වචනයක් වෙන්නත් පුළුවන්. දැන් පෙනවා නේද වැරදි වල ලොකු පොඩි කියලා දෙයක් නැ කියලා. වැරුද්ද වැරුද්දමයි.
තවත් විටෙක නුඹ නිවැරදි අවස්ථාවකදි නුඹ තමා වැරදි කියලා චෝදනා ලබන්නත් පළුවන්. හොඳම දේ තමා බුද්ධිමත්ව හිතලා නිහතමානී විම. ජිවිතය යහපත්ව ගෙන යන්න නිරතුරුවම උත්සහ දරන්න.
තමන් වැරදි කර කර අනුන්ව හදන්න යන්නත් එපා මොකද එම කාරණාව ප්‍රායෝගික නැහැ. හොඳම දේ තමා යහපත් ගති පැවතුම් පවත්වා ගෙන යන්න නුඹට කවදාවත් වරඳින එකක් නැහැ.

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...