කොළම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්කම ගීතයෙන් අදහස් වන අර්ථය
සිංහල ගීතය අනාදිමත් කාලයක සිට රසික මනස ආනාන්දයෙන් පුරවාලන්නීය.ඝෘග් වෙද යුගයේ වෙද ගීතීකා ගායනා කිරිම මගින් මිනිසා ලැබුවේ ආගමික වශයෙන් මානසික සහනයකි.ඉන් පැහැදිලි වන්නේ මිනිසා අනාදිමත් කලක සිට මානසික රසවින්දනය උදෙසා ගීත ශ්‍රවනය කල බවයි.සිතුවිලි දැහැනේ ගොබ්බට පරායමින් ජිවිතයට පණ නල දුන් ගීතය මිනිසාගේ හදවතට පණ පෙව් ජිවනාලයක් වැනිය.අද සමාජය තුළ පවතින ගීත අතුරින් සමාජ විරෝධි ගීත සඳහා හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.ප්‍රදීපාධර්මදාස මහත්මිය ගායනා කරන කොළම් තොටින් නැව් නැග්ගා ගීතය සංයමයෙන් යුතුව සමාජ විරෝධිත්වය පිළිබඳ ආකල්පය රසික හදවත් තුළ ඇති කරවන නිබන්ධයකි.රසිකයා අනාන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යාමට සමත්වන මෙම ගීතය යුරෝපයේ එනම් බටහිර සමාජය අනුකරණ නොව අන්ධානුකරණය ලාංකේය සමාජ සදය උපහාසයට නංවන අතරම එම සමාජය පිළිබඳව අප තුළ විරෝධාකල්පයක් ඇති කරවයි.මෙම ගීතය මගින් සමාජයේ පවතින දුර්වලතා සංයෙමයෙන් යුතුව විවේචනය ලක් කර ඇත.එහි එන මුල් පද පෙළ මෙසේය
කොළම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්කම.... කොළම් තොටින් ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට...
කොලොම්තොට යනුවෙන් මෙම ගීතයේ සඳහන් කර ඇත්තේ වර්තමාන වාණිජ නගරයක් පමණක් නොව එය මුළුමහත් සමාජයක්ම නියෝජය කරන වඟ ගීත නිර්මාණය තුළින් ගම්‍ය වේ. එමෙන්ම අප සමාජයේ මනුස්සකම් යන උදාරතර වටිනාකම් කොලම්තොටින් නැව් නැග ඇති බව ගීතයේ වඩාත් සංවේදීව ඉදිරිපත්කර ඇත .මිනිසකුගේ වටිනාකම රුදි ඇත්තේ එම පුද්ගලයාගේ මනුස්සකම මතය.මනුස්සකම නම් මනස උසස් යන්නයි.මනස උසස් යැයි කියනු ලබන මිනිසුන් සිදු කරන්නේ උතුම් යහපත් ක්‍රියාවන් පමණි.නමුත් අද සමාජයේ එනිනෙකාව පරයමින් එකිනොට වෛර කරමින් කුල,මල,ජාති යනාදියෙන් බේද බින්නව සිටිනා මිනිසුන් තුළ මනුස්සකමක් පවතිද යන්න පිළිබදව පවතින්නේ ගැටලුවකි.මෙම ගීතය තුළින් අර්ථවත් වන්නේ මිනිසුන් තුළ පවතින දුර්වලතා හේතුවෙන් සමාජ අගතිය උදා විම පිළිබඳයි.ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් යන අය එකම මවකගේ දරුවන් ලෙස සැලකීම වර්තමානය තුළ කටවචනයක් පමණක් බවට පත්ව ඇත, මෙකි ජනයාගේ මනුස්සකම පැඳුරටත් නොකියා පළා ගොස් ඇති බව මෙම ගීතය රචනා කළ පුද්ගලයා සංයමයෙන් යුතුව නිර්මාණයට ලක් කර ඇත.එනම් මනුස්සකම නොදැනීම පළා ගොස් ඇති බව මෙම ගීතයේ පළමු ගීත පෙළෙන් අර්ථවත් කරේ එනම් කොළම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්කම...යන පෙළෙහි පවසා ඇත්තේ අපේ රටේ මනුස්සකම් අපටත් නොදැනීම විනාශ වි ඇති බවයි.
වත්මන් සමාජයේ සදාචාරය වෙනුවට දුරාචාරය වැළඳගෙන ඇති අතර සමජය විනාශය කරා ළඟා ව් ඇත.එමෙන්ම අද සමාජයේ මනුස්සකම් වෙනුවට වැළඳ ගෙන ඇත්තේ අමනකමය නැතිනම් අනුවනකමයි.ඒ අනුව ගීත කතෘවරයා මේ තුළින් බලාපොරෝත්තු වි ඇත්තේ සමාජයේ මනුස්සකම පිළිබඳව සියුම් ආයාචනයක් මිහිරිව ශ්‍රාවකයාට ලබාදිමයි.මෙම ගීතය ප්‍රදීපා ධර්මදාස කිවිඳිය විසින් සුමිහිරිව ගායනා කරන අතර ශ්‍රාවකයාට ඒ තුළින් අවබෝධයක්,සමාජ දැනුමක් ලබාදිමට ප්‍රයත්න දාරා ඇත. මෙම ගීතයෙන් සමාජ අමනකම් දැඩි ලෙස විවේචනයට ලක් වී ඇත.
එමෙන්ම අපේ රටේ මිනිසුන්ගේ පුරුද්ද වන්නේද නරක දැ වැළඳ ගෙන තමන් සතු හොඳ ගතිගුණ බැහැර කිරිමයි.ඒ අනුව මිනිසුන් තමන් සතු හැකියාවන් පවා නැති කර ගන්නා අතර සමාජයද දිනෙන් දින පිරිහි යන්නේද මේ කාරණා නිසාය.මෙම ගීතය තුළින් එකී ඛෙදනීය තත්වය සියුම් ව නිරුපණය කර ඇති අතර වඩාත් අර්ථාන්විත කිරිම උදෙසා ගීතයේ පදපෙළි සඳහා අරුත්බර වචන යෝදාගෙන ඇත.මිනිසුන්ගේ මනුස්සකම සමාජයෙන් බැහැරව ගොස් ඇති බව අදහස් කිරිම උදේසා කර්තෘ වරයා විසින් යොදාගෙන ඇත්තේ කොළම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්කම.... යන පද පෙළියයි.මෙහිදි කොළම් තොට යන්න වෙනුවට වෙනත් ප්‍රදේශයක් ගැන සඳහන් කිරිමට කතෘවරයාට හැකියාව තිබුනද ඔහු විසින් යොදාගෙන ඇත්තේ කොළම්පුරයයි. කොළඹ යනු ජනාකීර්ණ ප්‍රදේශයන් වන අතර බෝහෝමයක් වැරදි සිදුවන සමාජයක් ලෙසද කොළඹ සමාජය පිරිහිමට ලක් වි ඇති සමාජයක් ලෙසද පොදු පීළිගැනීමයි.එකි කොළම් තොට යන වචනය කතෘවරයා විසින් යොදාගෙන ඇත්තේ සමස්ත සමාජයම නිරුපණය කිරිම සඳහාය.එමෙන්ම මෙරට ඉතිහාසය තුළ ද එනම් ඉංග්‍රිසි,පෘතුගීසි සමයේ සිදුවුයේද මෙකී ඛේදනීය තත්වයයි.එනම් එම පාලන සමයේදීද මෙරට තුළ පැවති මුත,ුමැණික්,ඇත් දත්,කුළු බඩු යනාදි වටිනා කියන සියලු බඩු පිටරට්ටුන් විසින් ඔහුන්ගේ රටවල් වලට ගෙන ගිය අතර ඒ වෙනුවට මෙරටට පැමිණියේ මත්දාව්‍ය මතුකුඩු යනාදි තුට්ටු දෙකකට මිල කළ නොහැකි අයහපත් දෙවල් පමණකි.එයින් නතර වුවා නම් කම් නැත ඒඞ්ස් වැනි දරුණු රෝග පවා මෙරටට පැමිණිමට හේතු වුයේ මෙකි මනුස්සයන්ගේ අනුවණ ක්‍රියාවන්ය.එපමණක්ද නොව මිනිසුන් ඒවා වැළඳ ගැනීම හේතුවෙන් මුළුමහත් සමාජයේම අගතිය උදාවි ඇත.ඒ අනුව මෙම ගීතයේ කතෘවරයා විසින් අතීතයේ පැවති වැරදි ඒ අයුරින්ම වර්තමානයේද පවතින බව මෙම ගීතය තුළින් එත්තු ගන්වා ඇත.ඒ අනුව සමාජයේ පවතින දුර්වලතා සියුම් ලෙස විවේචනය කිරිමට කර්තෘ වරයා සමත්ව ඇත.මනුස්කම රටේන් බැහැරව යන විට අමනකම රජ වි ඇති බැව් ගීතයේ දෙවන පෙළෙන් ඉස්මතු කර ඇත.එනම් කොළම් තොටින් ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට...යන පදය භාවිතා කර ඇත.
බෝනික්කන්ඇස් නටවන ලස්සන හුරුබුහුටිකමට, නැවෙන් ඇවිත් කොළම්තොටට ගොඩ බැස්සා අපුරුවට...
ඇස් නටවන බෝනික්කන් යනුවෙන් සංකේතවත් කර ඇත්තේ බටහිර රටවලින් මෙරටට ආනයනය කරන පිට ඔපය සුන්දර සිත් ඇඳ ගන්නා නමුත් අභ්‍යන්තරය පුහු,සටෝප වලින් පිරුණු,අපගේ බුද්ධිය, නිර්මාණාත්මක බව වනසන විවිධ උපකරණ මෙවලම් ආදියයි.වර්තමාන තරුණ පරපුර එබදු පුහු අටෝප වලින් සපිරි විදේශ ආනයන වලට බිලිව ඇති බව අද්‍යතන සමාජය අධ්‍යයනය කීරිම තුළ අපට පැහැදිලි වේ.මෙසේ විදේශ ආනයන ලංකාවට අපුරුවට ගොඩබැසි පසු අපේ රටේ වැසියන් එම ආනයන මිලදි ගත්තේ දැත බදාය.මේ සියල්ල තුළින් සිදුවුයේ ලාංකීය ආනාගතයේ තීරකයන් වු කිරි දරු පැටවුන් වැනසි ,ඔහුන් විදේශ රටවලට ණය කරුවන් බවට පත්විමයි.තවද විදේශිය අනුකරණය මෙන්ම යුරෝපීයකරණයට ලක් වු සමාජය තුළ දිළිදු බව හා වෙනත් හේතුන් මත දරුවන්ද අපනයන භාණ්ඩයක් බවට පත් වි හමාරය.මෙහිදි කර්තෘ වරයා යොදාගෙන ඇත්තේ බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටිකමට, යන පදයයි එහිදි කතෘවරයා පද පෙළද මනාව ගලපා ඇති බවක් පෙනේ.එමෙන්ම අප රටේ ඇතැමුන් මුදල් ඉපයිම සඳහා පිටරටට යන අතර එහිදි බෝහෝමයක් පවුල් වල මව්වරු තම ළමුන්ගේ අනාගතය වෙනුවෙන් පිටරටට යන අතර එහිදි සිදු වන්නේ එම පවුල් වල ළමුන්ගේ ජිවිත පවා විනාශ විමයි.මෙකී තත්වය කතෘවරයා විසින් වඩාත් අරුත් බරව ඉදිරිපත් කර ඇත.
එනම් විදේශිකයන් අපේ රටට ඇස් නටවන බෝනික්කන් රුගෙන විත් වෙනුවට මෙරටින් රුගෙන යන්නේ අනාගත උරුමකරුවන් වන කිරිදරුවන්ය. මෙම ගීතය තුළින් රසවින්දනාත්මකව සමාජවිාරා්ධි බාවය උලුප්පා ඇත.
මව් තුරුලේ පිපෙන මලට ලංසු තියෙන නොම්නුසුන්ය..
නොමිනුසුන් බවට පත්ව ඇත්තේද මිනිසුන්මය.අද සමාජයේ දක්නට ලැබෙන විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ කුඩා දරුවන්ට සිදුවන ලිංගික අතවර, අපචාර සහ ඔහුන් ලවා බැල මෙහෙවරකම් කර ගැනීම් වැනි සපරාධි ක්‍රියාය.වර්තමානයේ ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන් පාවා ලිංගික අපචාර වලට ලක්වේන අධම සමාජයක් නිර්මාණය වි ඇත.ළමුන්ගේ සිය ළමා කාලය උදුරා ගන්නා තිරිසනුනුන් මනුස්සකම් අතහැර දමා ඇත.අද සමාජයේ ජිවත්වන මනුෂ්‍ය ස්වරුපයේන් සිටිනා තිරසනුන් සිය මව් තුරුලේ සිටිනා දරුවන් පවා උදුරාගෙන ගොස් සිය පහත්,අධම ආශාවන් තෘප්ත කරගැනීමට වෙර දරන පුවත් සමාජය තුළ අසන්නට,දකින්නට ලැබේ.එමෙන්ම පාසල් වයසේ දැරියන් ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවිම පවා නුතන සමාජය විසින් සිදුකරන පහත්,තුච්ච ක්‍රියාවන් වේ.තවද ඇතැමුන් මුදල් ලබා ගැනීම පිණිස සිය දරුවන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත,දරුවන්ගේ වටිනාකම නොදත් අමනයන් සමාජයේ ඕනෑතරම්ය.මෙවැනි සමාජයේ පවතින නොමනා ක්‍රියාවන් හැල්ලුවට ලක් කීරිම පිණිස මෙම ගීතය කතෘවරයා විසින් වඩාත් අර්ථාන්විතව මෙම ගීතය නිර්මාණය කර ඇත.එමෙන්ම මව් තුරුලේ පිපෙන මලට ලංසු තියෙන නොම්නුසුන්ය..වැනි සංවේදිථාර්ත යොදා ගනිමින් සිය නිර්මාණය සාර්ථක කර ගැනීමට රචකයා කටයුතු කර ඇත.එවැනි සාර්ථක ක්‍රියාමාර්ග උපකාරි කරගත් රචකයා සමාජවිරෝධිභාවය සිය නිර්මාණය තුළින් ස්මතු කිරිමට සමත්වි ඇත.
දුප්පතුනගෙ මල් නෙළමින් ඉසුරු සොයන බැතිමතුන්ය..
දුප්පත් මිනිසුන්ගේ අන්තිම සතයත් සුරකන ධනපතියන්ගෙන් අද සමාජය කෙතරම් පිරිහි ඇත්ද?තම දහදිය මහන්සිය මිහිලිය මත වඟුරා එදිනෙදා ජිවිතය ගෙනයාමට වෙරදරන දුප්පතුන්ගේ තුට්ටුවද සුරාකන,සුඛිත මුදිත විමට උත්සහ දරන ධනපතියන් අපසමාජයේ දුර්ලබ වුවන්නොවේ.සමාජයට පෙනෙන්නට පමණක් සමාජ හිතකාමි වැඩසටහන් කරමින් ආදර්ශමත් ජිවිත ගත කරන බැතිමතුන් සේ පෙනි සිටින මෙකි ධනපතින් සිය ධනය සොයාගන්නේ බෝහෝ විට කම්කරුවන්ගේ ශ්‍රමය සුරාකැමෙනී.මෙබඳු පවිටු ධනවතුන් බැතිමතුන් ලෙස හැඳින්විමෙන් රචකයා අප සිතේ උපහාසාත්මක හාස්‍යයක් ඇති කරවයි.
අද පවතින ධනවාදි සමාජය හමුවේ විදේශිකයන්ට උකස් තබන්නේ මුළු රටක් රජ්‍යක් පමණක් නොවේ,අනාගතයේ රටේ භාරකරුවන් වන කිරි දරුවන්ද උකස් තබන සමජයක් නිර්මාණය වි ඇත.මෙකි සෝචනිය තත්වය හමුවේ සමාජයේ අගතිය උදාවි ඇත.අප රටේ පැරණි ලාංකීය සමාජය පිරිපුන් වී තිබුන මනුස්කම යන අකුරු හයේ සංහිදියාව ද කොළම් තොටින් යුරෝපිය දේශයක් වෙතට පිටත් කර හැර ඇත.එය ජාතියේ මෙන්ම දේශයේද අභාග්‍යායි.ගීත රචකයා විසින් මෙකී සෝචනීය තත්වයන් ශ්‍රවකයාට ඉදිරිපත් කර ඇත්තේ වඩාත් සංයමයෙන් යුතුවය.එනම් ගීතය පුරාවටම සමාජ විරෝධිභාවය දක්නට ලැබේ.
කොළම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්කම..
කිරි දරුවන් පවා වෙළඳ භාණ්ඩයක් බවට පත් වු සමාජයක මනුස්කම් තවදුරටත් පවතින්නේ නැත.එනම් මනුස්සකම් පළා ගොස් අමනකම් රජයන සමාජයක නැණවත්කම්,ගුණවත්කම්,උගත්කම් යනාදිය සමාච්චලයක් පමණක් බවට අනුවර්තනය වි හමාරය. කුසේ සිටිනා නොමේරු දරුවන් බිහිවිමටත් ප්‍රථම සිය දරුවා අන්සතු කරන කූරිරූ සමාජය විවේචනය කිරිමට රචකයා විසින් දැරු උත්සහය සාර්ථක එකකී.එනම් සමාජයක වටිනාම වස්තුව වන්නේ අනාගතය භාරගන්නට සිටිනා දරුවන්ය මෙකි දරුවන්ද අද මාරුකාසි වලට මාරු වි ඇති බව ගීතයේ සංවේදිව ඉදිරිපත් කර ඇත.එමෙන්ම දරුවා මෙලොව එළිය දකින්නටත් පෙර සිය කළලය විනාශ කර ගන්නා කාන්තාවන්ද සමාජයේ ඕනෑතරම්ය, සමාජය තුළ සිදුවන ගබ්සා සිදුකිරිම්ද දිනෙන් දින වර්ධනය වනවා මිස අඩුවිමක් දක්නට නැත.මෙකී කාරණාවන්ට හේතුවද සමස්ත සමාජයේම පවතින දුර්වලතාවන් මිස එකි වැරදි එක් පුද්ගලයකු මත පැටවිය නොහැක.අමනකම් වල ප්‍රතිඵල නම් බෝහෝය.එමෙන්ම දරුවන් කුණුකසලට දමා යන මව්වරුන්ද අද සමාජයේ ඕනැතරම්ය, මව්වරුන් ළඟ මනුස්සකමක් නොමැති නම් සමාජයක් තුළ මනුස්සකමක් පවතිනවා යන්න ප්‍රකාශ කළ නොහැකි තරම්. මව්වරු යනු ලොව උතුම්ම තැනැත්තියක් බවට පත්ව ඇති බැවිනි,නමුත් මෙකී සමාජයේ මව්තනතුර පවා දුෂිත මට්ටමකට පත්විම කණගාටුවකී.කිරි දරුවන් කාසි වලට මරුවන්නේ නම් වෙනත් දැ මාරුකාසි වලට මරුවිම අහන්නත් දෙයක් නොවේ.දරුවන් තරම් වටිනා සම්පතක් සමාජයකට තවත් කොයින්ද?නමුත් මාරුකාසි වලින් එකී සියල්ල තීරණය වි ඇත.තවද සමාජය මුදල් පසුපස හැල්මේ දුවමින් සිටිනා අතර එහි පුරෝගාමින් වන්නේ මනුසයන්ය. මෙලෙස ගීතයේ පද පෙළි ගැඹුරුඅර්ථාන්විත අදහස් යොදා ගන්නා කතෘවරයා සිය ගීතය තුළින් මිනිස් සිතුවිලි තුළට පණ පොවාලන්නීය.එසේම මිනිසුන් තුළ පවතින මනුස්සකම් නැවත උද්දිපනය වන ආකාරය සිය නිර්මාණය ඉදිරිපත් කර ඇත.
යුරෝපියකරණයේ හදිසි හස්තයට නතුවු ධනවාදි ආකල්පය මත රුදි පවතින අද ලංකාව වස්තු විෂය වු මෙම සුගායන ගීතය නුතනයේ පවතින සමාජය දෙස උපහාසාත්මකව නෙතින් බලා සමාජ විරෝධයක් දැක්වු අපුර්ව ගීතයකි.එමෙන්ම මෙම ගීතය තුළ අද දක්නට ලැබෙන සංස්කෘතික සෝදා පාළුව ඒ අමන බවේ ප්‍රබලත්වය අපට මොනවට පසක් කරයි.
වත්මන් සමාජය තුළ ඕනවට එපාවට ගීත නිර්මාණය වෙමින් පවති.අද පවතින බෝහෝමයක් ගීත කිසිඳු හරයක් නැති එවාවිමද,රසවින්දනාත්මක නොවිමද ඇතැම් ගීත අපේ වචේනෙට අනුව නම් මෙලෙවේ රහක් නැතිවිමද කණගාටු දායකසිදුවිමකී.ඒ අතර වඩාත් අර්ථාන්විත,උපදේශාත්මක,ආදර්ශමත් ගීත බිහිවිමද ආඩම්බරයට කරුණකි. කොළම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්කම යන ගීතය සමාජ විරෝධි ගීතයක් වන අතර සමාජයේ පවතින අයහපත් කාරණා සියුම්ව නිරුපණය කර ඇති අතර මිනිසුන්ගේ මනුස්සකම් තුළ පවතින වටිනාකමත් අමනකම් වල පවතින බැරැරුම් කමත් අර්ථවත්ව ඉදිරිපත් කර ඇත.එමඟින් ගීතය තුළ සමාජ විරෝධිබවය උද්දීපනය කර ඇත.මෙම ගීතය සමාජ විරෝධි ගීත අතුරින් වඩාත් සුවිශේෂි,වැදගත්,අර්ථවත් ගීත නිර්මාණයක් බව තරයේ ප්‍රකාශ කළ හැකිය.
Aththenma kalakata pasu ahanna labuna mihiri arathaanwitha geeyaki. Oba mema geeya gena dakeaa athi adahas da niweradiya. Eheth praveena gaayikaa Pradeepa Dharmadasa mahathmiya kiwindiyaka lesa hadunwaa deema nam kisi lesakin ho pili gatha noheka. Karunaakara eya niweradi kaloth oba ema geeyata menma gaayikaawatada saadaaranayak kalaa wanu etha.
ReplyDeleteAththenma kalakata pasu ahanna labuna mihiri arathaanwitha geeyaki. Oba mema geeya gena dakeaa athi adahas da niweradiya. Eheth praveena gaayikaa Pradeepa Dharmadasa mahathmiya kiwindiyaka lesa hadunwaa deema nam kisi lesakin ho pili gatha noheka. Karunaakara eya niweradi kaloth oba ema geeyata menma gaayikaawatada saadaaranayak kalaa wanu etha.
ReplyDeletebohoma ithuthi nubage adahas walata
ReplyDelete