මානසික ආතතිය හා කාර්ය බහුලත්වය නිසා ඔබගේ දෑස්වලට ඇතිවිය හැකි ගැටලුකාරි තත්ත්වයන් සඳහා හේතුවිය හැකි තවත් අවස්ථාවන් කිහිපයක් පිළිබඳව මෙවර ලිපිය යටතේ විමසා බලමු.
හිස කැක්කුම සාමාන්යයෙන් අප කාහටත් පොදුවේ ඇතිවන රෝග ලක්ෂණයක්ග එය විවිධ අයට විවිධ ආකාරයෙන් බලපෑම් ඇතිකර විය හැකි රෝග අවස්ථාවක් වනවා වගේම බරපතළ මට්ටමේ රෝග තත්ත්වවල පූර්ව ලක්ෂණයක් ලෙසින් ද මුහුණ දීමට සිදුවිය හැකියි.
මෙවැනි සුළු සුළු අසනීප සඳහා ඒ මොහොතට පමණක් පිළියමක් ලෙස වේදනා නාශක භාවිතා කළ ද එහි රෝග මූලය පිළිබඳව සොයන්නට බොහෝදෙනෙක් උත්සාහ නොකරයිග එසේ නිශ්චිත රෝග හේතුවක් සොයා නොගැනීම නිසා සුළු වශයෙන් පටන්ගන්නා රෝග අවස්ථා බරපතළ තත්ත්වයට පත්විය හැකියිග කෙසේ වෙතත් වර්තමානය වනවිට මේ සඳහා බලපාන හේතු ගණනාවක් සොයාගෙන තිඛෙයි.
ඒ අතරින් දිගුකාලීනව සිදුවන පරිගණක භාවිතය ප්රධාන තැනක් හිමිකර ගනු ලැබේග මෙසේ කාලයක් තිස්සේ සිදුවන පරිගණක භාවිතය නිසා ඔබගේ හිසෙහි යම් වේදනාවක් ඇති වී තිඛෙනවා නම් එය පෙර අවස්ථාවලදී අප විසින් කතාබහට ලක් කළ පරිගණක සහ දෘෂ්ය ලක්ෂණයේ එසේත් නැත්නම් කගඪගී :කදපචමඑැර ඪසිසදබ ීහබාරදපැ* හි එක් රෝග ලක්ෂණයක් ද විය හැකියි.
ඇත්තෙන්ම මෙවැනි විවිධ ආකාරයේ ගැටලු සඳහා අපට මුහුණ දීමට සිදුව ඇත්තේ වර්තමාන ජිවන රටාවත් සමඟ කාර්යබහුල දිවියකට හුරුවීම නිසයිග කෙසේවෙතත් පෙර පැහැදිලි කළ රෝග අවස්ථාවට අමතරව කඳුළු ග්රන්ථි ආශි්රතව ද ඇතිවිය හැකි ඇතැම් ගැටලුකාරී අවස්ථා නිසා ඔබ අපහසුතාවට පත්විය හැකියි.
මෙම තත්ත්වය බොහෝදුරට ෘරහ ෑහැ ලෙසින් ද හඳුන්වනු ලැබේග මෙසේ ෘරහ ෑහැ තත්ත්වයට පත්වීමට හේතුව පෙර සඳහන් කළ ඇසේ පිහිටා ඇති කඳුළු ග්රන්ථිවල ක්රියාකාරීත්වය හීන වී යාමයි.
මීට අමතරව මානසික වශයෙන් මෙන්ම දැඩි වෙහෙස නිසා ඇස හා සම්බන්ධ විවිධ ගැටලු ඇතිවිය හැකි අතර වර්ණ ග්රහණය කරගැනීමේ ද විවිධ දුෂ්කරතා ඇතිවිය හැකියිග සාමාන්ය ඇසකට වර්ණ හඳුනාගැනීම ගැටලුකාරී නොවුණ ද මෙම ගැටලුකාරී අවස්ථා යටතේ විවිධාකාර අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකියි.
සිවිකාච භාවිතා කිරීම මේ වනවිට බහුලව සිදුවන නමුත් ඒවා භාවිතා කිරිම ද ඉහත හේතු නිසා තරමක් දුරට හෝ අපහසුවිය හැකියි.
අපගේ ඇසට යම් වස්තුවක් පෙනෙන්නට එම වස්තුව මත පතිත වන ආලෝකය ඇස මත නාභිගත විය යුතුයිග නමුත් ඉහත තත්ත්වයේදී යම් වස්තුවක ඇස නාභිගත වීමට වැඩි කාලයක් ගත වේග
වියළි බවින් යුතු ඇස් ඇතිවීම මෙන්ම කඳුළු වැඩියෙන් ඉනීම ද ඉහත රෝග අවස්ථාවේ තවත් ලක්ෂණයකිග මානසික ආතතිය මෙන්ම කාර්යබහුල බව නිසා මාංශ පේශීවල වේදනාව ද ඇතිවිය හැකියිග ගෙලල උරහිස හා කොන්දේ අමාරුව මෙසේ මාංශ පේශිවල ඇතිවන අපහසුතා අතර ප්රධාන තැනක් හිමි කර ගනියි.
තවද විශේෂයෙන් පරිගණක දෘශ්ය සහ ලක්ෂණ ද සම්බන්ධ රෝග ලක්ෂණ ද මීට සමානකමක් දක්වන බවද පැවසිය යුතුය.
No comments:
Post a Comment