තප්පරයක වටිනාකම
කාලය හරි පුදුමාකාරයි.එහෙම කියන්නත් හේතු කාරණාවන් ගණනාවක් තියනවා.ඇස් පිල්ලමක් ගහලා ඉවරවෙනකොටම කාලය ගත වෙලා ගිහින්. තප්පර,මිනිත්තු,විනාඩි,පැය ඔහොම කාලය ගෙවිලා ගිහින් අපේ ජිවිතත් කාලයත් සමඟ වයසට යනවා කියලා තේරුම් ගන්නවත් මින්සුන්ට කාලයක් නැති තරම්. ජිවිතය මෙච්චර කාලයක් ගත වෙලත් අපි ජිවිතයට එකතු කර ගත්තේ මොනවද කියලා තප්පරයක් වැය කරලි හිතලා බලන්න. සමහරුන්ට තමන් ගැනම කළකිරිමක් ඇති වෙන්න පුළුවන්.තවත් සමහරුන්ට ජිවිතය පිළිබඳව ධනාත්මක සිතුවිලි පහළ වන්නත් පුළුවන්. තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ජිවිතය හදාගන්න උත්සහ කරන අය මේ සමාජයේ නැතුවාමත් නොවේ. කාලය රන් හා සමානයි කියන්නේ නිකමට නෙමෙයිනේ. ඒ පිළිබඳවත් මඳකට හිතලා බලන්න. අපගේ ජිවිත කෙතරම් කාර්්‍යය බහුල වන්නත් පුළුවන්. නමුත් තමන්ගේ දෙමාපියන්,යාළුවන්,තමන්ගේපෙම්වතා,පෙම්වතිය,සීයා,ආච්චි ඒ අය වෙනුවෙනුත් තමන්ගේ වටිනා කාලය වැය කරන්න පුරුදු වෙන්න. කාලයත් එක්ක ජිවිතය ගෙවිලා ගියත් අපේ සම්බන්ධතා කාලයත් එක්කම අපි ශක්තිමත් කරගන්න පුරුදු පුහුණු විමත් වැදගත්.
අද කාලේ මිනිසුන්ගේ ජිවිතය ගත්තාම උදේ රූ වෙනවා හොයාගන්න බැරිතරම් සමහරු කාර්්‍යය බහුල ජිවිත එක්කම නියලිසිටීම කණගාටුදායකයි. ඒත් සමහර අය කාලය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැහැ.නමුත් ජිවිතය කියන්නේ මොකක්ද කියලා හරිහැටි අවබෝධයක් තිබිම අපි කාටත් වැදගත් කාරණාවක්. කාලය අකාලයේ ගෙවා දැමීම තමාගේ දියුණුවට බධාවක් වන බව නිරතුරුවම සිහියේ තබාගත යුතුය. තවත් සමහරුන්ට කාලකන්නි යනුවෙනුත් බැනවැඳිම් සිදු කරනවා. එනම් කාලය කා දැමීම තරම් පවක් නැති තරම්.
දැන් නුඹම හිතන්න කාලය නාස්ති නොකර ඵලදායි ජිවිතයක් ගත කරන්න.
No comments:
Post a Comment