අර බලන් පිය බඳ
තුංග තුරු මැද උරෙන් උර නොම ගැටෙමින
අනිත් ගසකට වඩා ඉහළින් එගස උසයන අන්දම
පඳුරුයෙන් ගහන වු පහළ බිම් සෙවන කරමින
අතු පතර විහිඳී කොළද දළු ලන අන්දම
ඉඳුරන් බිනවන කුසුම් සුවදැති පීපී හිනැහෙන
ඵලයෙන් බරවෙමින ඉහල අතු එම බරෙන් නැමෙමින
මනුසතුන් ලොල් කරවන එයයි මනරම් සොඳුරු සිත්තම
එහෙත් මා හිමියනි,
ඉහළ නොව පාමුලම බල මැන
අඳුරු වන බිම මැද තෙත බරිත දොර හඬින් මිරිකෙන
පෝළෝ ගැඹුරෙහි කඳන් මුල් ඇඹරෙමින් යටයන
කුසුම් හා ඵල වැල ඉදී පරවී වැටමින
පාමුලෙහි කුණු වෙන ඉවසන්න බැ ඳුඟද ඉන් එන
දිය සීරාව සමඟින වැඩෙන පෙඳ පාසි හා මඩ පස
කඳ පාමුලට එක්වි අපුල වු දසුනක්ම මවමින
නමුදු මේ අපුලු මුලු වලින්ම
ගසට පෝෂණ ගුණය ලැබුනේ
ගසෙහි දුටු සියලු අභිමන්
මුලින් ලැබු පොහොරින් නිමවුණේ
මෙවන් මුල් ගස වෙත නොවේනම්
මෙලෙස දක්නෙම්ද මෙවන් අභිමන්
No comments:
Post a Comment