හෝර්ටන් තැන්න වනඋද්‍යානය වර්තමානයේ මෙසේ දෘශ්‍යමාන වුවද අතීතයේ මෙහි තත්වය මීට වඩා වෙනස්ය.ඒ පිළිබඳ තොරතුරු සොයා බැලිමටහෝර්ටන් තැන්නේ ඉතිහාස වෘත්තාන්තය අධ්‍යනය කර බැලිය යුතුය.එහිදි අපට කරුණු පහක් යටතේ හෝර්ටන් තැන්නේ ඉතිහාසය අධ්‍යනය කල හැකිය.
1.ජනප්‍රවාද
2.ජනශ්‍රැතිය
3.පුරාවිද්‍යාත්මක සාධක
4.භු විද්‍යාත්මක සාධක
5.ලිඛිත සාධක
හොර්ටන් තැන්නේ ඉතිහාසය සම්බන්ධව හමු වන ජනප්‍රවාද
ජනප්‍රවාද යනු යම් ප්‍රදේශයක්නිර්මාණය විම පිළිබඳ ඉදිරිපක් වු අදහස්ය. ඒ අනුව හෝර්ටන්තැන්න ප්‍රදේශය ආශ්‍රිත ව වාසය කරන ජනතාවගේ අදහස් වලට අනුව හෝර්ටන් තැන්නේ ඉතිහාසය ගෙන හැර දැක්විය හැක.ඒ ප්‍රදේශයේ ජනප්‍රවාදයන්ට අනුව හොර්ටන් තැන්නේ ඉතිහාසය ලංකාවේ රජ කළ රාවණා රජුගේ රාජ්‍ය කාලය දක්වා දිව යයි.රාවණා රජු ඉන්දියාවේ සිට සීතා දේවිය පැහැර ගෙන පැමිණි අතර එහිදි රාවණා රජුගේ දඬුමොණර වාහනය නවතා ඇත්තේ මේ වනඋද්‍යානය ආශ්‍රිත කඳු ගැටයක් මත බව ජනයෝ විශ්වාස කරති.එලෙස රජුගේ දඬුමොණර වාහනයට තොටුපොළක් වු ඒ කදු ගැටය මේ නිසාම වර්තමානයේ දී ‘තොටුපළ කන්ද’ ලෙස හඳුන්වන අතර එය වනඋද්‍යානයට උතුරු දෙසින් මායිම් වේ.මෙලෙස පැහැර ගෙන ආ සීතා දේවිය,රාවණා රජු විසින් මේ ප්‍රදේශයේ සඟවා තැබු ස්ථානය වන සීතා එළිය පිහිටා තිබෙන්නේ ද මෙම ස්ථානයේය.මේ නිසා හෝර්ටන් තැන්න ප්‍රදේශය අතීත රජවරු දැන සිටි බව හා පරසතුරු ආක්‍රමණ වලදි ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් භාවිතා කළ බව පෙනේ.
අතිතයේ දී මේ වනෝද්‍යානය‘මහ තැන්න’ වශයෙන්ද ව්‍යවහාර කර ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.එයට හේතුව වන්නට ඇත්තේ මේ ප්‍රදේශය පුරා බහුලව දැකිය හැකි තැනිතලා ප්‍රදේශ නිසා විය හැකිය.එනම් අක්කර 7500 ක් පුරා පැතිර ඇති අතර,ලංකාවේ 2300ප උසකින් පිහිටි විශාලම තැන්නද වේ.
හෝර්ටන් තැන්න ඉහළ කඳුකර වර්ෂා වනාන්තරයක් වේ.එය ඉහළ කඳුකර තෙත් සදාහරිත වෘක්ෂලතා හා තෙත් පතන යන දේවර්ගයේම සම්මිශ්‍රණයකි.මේ නිසාම ලංකාවේ වෙනත් වනාන්තර පරිසරය පද්ධතිවලට වඩා හෝර්ටන් තැන්න වඩාත් සුවිශේෂි වේ.හෝර්ටන් තැන්නේ එකි සුවිශේෂි භාවය කරුණු කිහිපයක් යටතේ හඳුනා ගත හැකිය.
1.සන්තතික පරීණාමීය අවස්ථා හා උත්කර්ෂ වනාන්තර ප්‍රජාවක් ලෙස
2.ජගත් බියෝම පරිසර පද්ධතියක් ලෙස
3.දේශගුණ කලාපයක් ලෙස
4.ස්වාභාවික හා ආවේණික වෘක්ෂලතා කලාපයක් ලෙස
5.ජෛව විවිධත්වය
6.පාෂාන පදනම අනුව
7.පස අනුව
8.ජල පෝෂක ප්‍රදේශයක් ලෙස
9.අලංකාර බව
හෝර්ටන් තැන්නේ ජෛව විවිධත්වය
භෞමික,සමුද්‍රික හා අනෙකුත් ජලජ පරිසරය පද්ධති හා පාරිසරික සංකීර්ණ ඇතුළු සියලූ මුලාශ්‍රයන් ගෙන් අඩංගු හා ඒවායේ ම කොටසක් වන ජිවි වස්තුන් අතර ඇති වෙනස්විමේ හැකියාව ජෛව විවිධත්වය වශයෙන් හඳුන්වා දිය හැකිය.හෝර්ටන් තැන්න ආශ්‍රිත ව හඳුනාගත හැකි ජෛව විවිධත්වය ප්‍රධාන කොටස් 3 නකි.
1ජාන විවිධත්වය
2විශේෂ විවිධත්වය
3පරිසර පද්ධති විවිධත්වය
එමෙන්ම ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යනය කිරිමේදි සුවිශේෂි ස්ථානයක් ලෙසහෝර්ටන් තැන්න හඳුනා ගත හැකිය. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ ව්‍යාප්ත ව ඇති ජෛව සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් 2ක් යටතේ හඳුනා ගත හැකිය.
1 සත්ව ප්‍රජාව
2ශාක ප්‍රජාව
ශාක ප්‍රජාව
හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ පිහිටා ඇති වනාන්තර ශාක ප්‍රජාව පොදුවේ ඉහළ කඳුකර වර්ෂා වනාන්තර හා තෙත් පනත වශයෙන් හඳුනාගෙන ඇත.විවිධ පුද්ගලයන් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර හෝර්ටන් තැන්න විශේෂිත ශාක ප්‍රජාවක් ඇති ස්ථානයක් ලෙස ඔහුන් හඳුන්වා දි ඇත.
එල්.සී.කුක් (1931)වර්ගීකරණයන් දක්වමින් හෝර්ටන් තැන්න කලාපීය නිරික්ෂිය වනාන්තර හා පතන තණ බිම්කාණ්ඩයටත් චැම්පියන් කඳුකර වනාන්තර ලෙසත් දක්වා ඇත,චැප්ටන්නැමැත්තා නිවර්තන සදාහරිත වනාන්තර හා තෙත් පතන ලෙසත් දක්වා ඇත,ඇන්ඩෲස් ගේ අදහසට අනුව නිවර්තන කඳුකර වනාන්තර හා තෙත් පතන ලෙසත් සඳහන් කරන අතර විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් වර්ගීකරණය කර ඇත.
මුලික බෙදිම් වලට අමතරව හෝර්ටන් තැන්නේ ශාක ප්‍රජාව පිළිබඳව පමණක් මුලික අවධානය යොමු කර විවිධ කාණ්ඩවලට බෙදා වෙන් කර ඇත.ඒ අතුරින් සංරක්ෂණය සඳහා පානගමු සංවිධානයේ විජේසුන්දර මහාතා(1992)දී හෝර්ටන් තැන්නේ ව්‍යාප්තව ඇති ශාක ප්‍රජාව කාණ්ඩ 7 ක් යටතේ ගොනු කර ඇත.
1.ඉහළ කඳුකර වැසිවනාන්තර
2.තෙත් පතන තණ බිම්
3.වගුරු හා ජලජ ප්‍රදේශ වල ශාක
4.වනාන්තර තෘණ බිම්
5.වනාන්තර විවෘතෘ බිම්
6. තෘණ බිම් වල හානි වු තැන්
7.මංමාවත් දෙපස හා ගොඩනැඟිලි අවට ව්‍යාප්ත ශාක වශයෙනි
පොදුවේ හොර්ටන් තැන්නේ වනාන්තර අඛණ්ඩ ව්‍යාතප්තියක් නොදක්වන අතර වනාන්තර කුට්ටි වශයෙන් දක්නට ඇත.එහී කදු මුදුන් වල වනාන්තරත් පහත් ඛිම්වල තෘණ ඛිම් හා වගුරුත් ස්ථානගත වි ඇත.මුල්ම අවස්ථාවේ මෙහි ශාක විශේෂ 57 ක්(එස්.බාලසුබ්‍රමනියම් හා එස්.රත්නායක1980) සොයා ගෙන තිබිනි.ඒවා ගණ 44කට හා කුල 31 කට අයත් වු අතර හඳුනාගත් මේ ශාක විශේෂ 57 න් විශේෂ 29ක් ලංකාවට ආවේණික ශාක වු අතර විශේෂ 18ක් කඳුකරයට පමණක් සීමා විය.ඉන් අනතුරුව(1992)සිඳු කළ පර්යේෂණයකට අනුව හොර්ටන් තැන්නේ ශාක විශේෂ 101ක් හඳුනාගෙන ඇත.ඉන් විශේෂ 49 ක් ලංකාවට පමණක් ආවේණික ශාක වන අතර බහුතරයක් හෝර්ටන්තැන්නට පමණක් ආවේණික වේ.
හෝර්ටන්තැන්නේ ශාක ප්‍රජාව පොදු ලක්ෂණය වන්නේ කුරු වනාන්තර ස්වභාවයයි. හෝර්ටන්තැන්න ප්‍රදේශයේ පවතින සුළං වේගය පැයට කීලෝමීටර් 31ක් පමණ වේ.මීටර්12-15ක් පමණ උසකට වැඩෙන මේ ශාකවල මුදුන කුඩයක හැඩයට වර්ධනය වි ඇත.පත්‍ර කුඩා වේ.ඒවා ඝනකම් ලෝම වැස්මකින් ආවරණය වි හෝ දිලිසෙන හෝ වර්ණවත් පෘෂ්ඨයකින් යුක්තවේ.එයඋත්ස්වේදනය අවම කරගන්නට දක්වන අනුවර්තනයකි.
හෝර්ටන්තැන්නේ ශාක ප්‍රජාව ව්‍යාප්තව පවතින ආකාරය අනුව ඒහි විශේෂ ලක්ෂණ විවිධ අයුරින් හඳුනාගත හැකිය.එහිදි
1.වනාන්තර ආශ්‍රිත ශාක
2.බම්බු විශේෂ
3.තෘණ බිම් ශාක
4.උඩ වැඩියා විශේෂ
5.මීවන ශාක විශේෂ හමුවේ.
No comments:
Post a Comment