ලෝකයේ ඇති සියලූම උපකරණ මිනිසාගේ පහසුව සඳහා ගොඩනැගූ මෙවලම් ගෝලීයකරණයත් සමඟ දිනෙන් දින අලුත් වන විට ලෝකය විශ්ව ගම්මානය යන සංකල්පයෙන් මිදී ලෝක පවුල ලෙස කුඩා වනවිට මුදල්වල භාවිතය ද ක්‍රමයෙන් නවීකරණය වන්නට විය. මේ නිසාවෙන් වර්තමානය වන විට ලෝකයේ මුදල් සංකල්පය චෙක්පත්වලට හුවමාරු වී එයින් පසුව අද ප්ලාස්ටික් කාඩි පතකට පැමිණ ඇත. එම ප්ලාස්ටික් කාඩි පතද මේ වන විට කෙමෙන් දියුණු වී ණයපත් හා හරපත් චිප්කාඞ් ලෙස ලෝකයේ හැසිරෙමින් පවතී.
එසේම මෙම කාඞ්පත්වලට අමතරව මේ වන විට විශේෂයෙන්ම ධබකසබැ ඊ්බනසබට අන්තර්ජාල බැංකු ක්‍රම බිහිවී ඇත. මෙම අන්තර්ජාල බැංකු ක්‍රම බැංකු සමඟ ගණුදෙණු කරන පාරිභෝගිකයන් හට ඉතා සුවිශාල සේවයක් සදමින් මේ වන විට බැංකු සෑම එකක්ම පාහේ අන්තර්ජාල බැංකු ක්‍රම සමඟ කටයුතු කරමින් පාරිභෝගිකයා සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටී.
මෙම විද්්‍යුත් මුදල් භාවිතයේ මෑත කාලීන ප්‍රවණතා ලෙස අන්තර්ජාල බැංකු ක්‍රම බිහිවූවද විද්්‍යුත් මුදලේ ක්‍රමික විකාශනය දැනගැනීම වැදගත්ය. එහිදී මෙම විද්්‍යුත් මුදල් බිහිවීමට අරමුණු වූ කාරණානම්,
1දිනෙන් දින ඉහළ යන කාර්ය බහුලත්වය තුළ බැංකු තරඟකාරී ලෙස පාරිභෝගිකයාට පහසුව සැදීමට පෙළගැසීම.
2 මූල්‍යක්‍රමයේ දියුණුව හා ඒවා ජාලගත කර තිබීම තුල පහසුවෙන් යොමුවිය හැකිවීම.
3මුදල් රැගෙන යාමේ හා ආරක්‍ෂා කර ගැනීමේ වූ අවශ්‍යතා මත.
වර්තමානයේ මෙසේ භාවිතා වන අන්තර්ජාල බැංකු ක්‍රම මගින් මහජනයා හට ගෙදර වූ බිල් ගෙවීමේ සිට මුදල් හුවමාරුව, මුදල් ආරක්‍ෂණය හා තවත් සුවිශේෂී වූ ක්‍රම රාශියක් දායද කර දී ඇත.
ලෝව පුරා නිපදවන නවතම විද්්‍යුත් මූල්‍ය ක්‍රම වලට උදාහරණ ලෙස
1. ඔක්ටොපස් කාඞ්
මෙය සු`ඵ පරිමාණ විද්්‍යුත් උපකරණයක් වන අතර, හොංකොං ඔක්ටොපස් සමාගම හඳුන්වා දී ඇත. මෙය ස්පර්ශ රහිත අගය රාශිගත කර හැකි සේ නැවත අගය එකතු කළ හැකි කාඞ් පතකි.
2. එම්පෙසා.
ජංගම දුරකථන භාවිතයෙන් සිදු කරන්නා වූ නව ගෙවීම් උපකරණයක් වන මෙය ශාඛා රහිත වූ බැංකු ක්‍රමයකි. මෙය ලෝකයේ දියුණුතම ජංගම දුරකතන ක්‍රමයයි.
3. විද්්‍යුත් චෙක්පත්
පරිගණක ජාලය භාවිතයෙන් සිදුකරන නව සු`ඵ පරිමාණ ගෙවීම් උපකරණයකි.
4. බිට් කොයින්
මෙය ලොව ප්‍රථම විද්්‍යුත් කාසියයි. ගනුදෙනු ජාල කේත මඟින් සිදුවන අතර, බිට් කොයින්ට් 2008 වසරේ සතොජි නකමොතෝ නම් ජපන් ජාතිකයෙකු ඉදිරිපත් කරන ලදී.
මෙලෙස ලෝකය තුළ විද්්‍යුත් මුදල් භාවිතාය දියත් කරන විට ශ්‍රී ලංකාවේ විද්්‍යුත් මුදල් භාවිතාය හා අන්තර්ජාල බැංකු ක්‍රම පිළිබඳව සලකා බලමු.
No comments:
Post a Comment