උඩරට
පෘතුගිසි ආකණ්රමයේදී සෙනරත් රජතුමා විසින් දියතිලක නුවර කරවා එහි වැඩවුන් බව රාජාවලියේ සඳහන්
වේ. හඟුරන්කෙත මාළිඟය අසල සෙල්ලිපියක පරිවර්තනයක් ෆොබ්ස් මහතා සිය කෘතියෙහි සඳහන් කර ඇත. ශ්රි වීරපරාක්රම
නරේන්ද්රසිංහ රජතුමා ක්රි.ව.1724
දී සඟරුවන්කෙත වාසය කර ඇති වඟ
ඉතිහාස කරුණු තුළින් අනාවරණය වේ. හඟුරන්කෙත නගරය මහනුවර සමයේදි ප්රසිද්ධියට පත්
වුන අතර ලංකා ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිටම අඛණ්ඩ ඉතිහාසයක් හඟුරන්කෙත නගරයට හිමි වි තිබේ.‘ලිහිනියාගල’
ලෙන් ලිපියෙන් ඒ බව සනාථ
වේ.
සඟරුවන්කෙත නගරයේ ඇති වැදගත්කම් බෝහෝමයකි. ඒ අතර ශ්රේෂ්ඨ බුදු දහම මෙරටට පැමිණිමටත් පෙර කීර්මත් පණ්ඩුකාභය කුමරා හඟුරන්කෙත පුරවරයේ දකුණෙන් පෙනෙන දොළුගල කන්දෙහි කඳවුරු බැඳ බෝහෝ කාලයක් විසීම සුවිශේෂි සිදුවිමකි. හඟුරන්කෙත නගරයේ පිහිටි ගනේමංකඩ,අරත්තන,මාදන්වල,අඹලියද්ද,වෑගම,නාගවිහාරය,ලිහිණියාගල,වලපනේ,වටරක්ගොඩ, වෙහෙර යනාදි පැරණි රජමහ විහාරස්ථාන නිසා හඟුරන්කෙත නගරයේ ඓතිහාසික වැදගත්කම පිළිබිඔු වේ. මාදන්වල,මොරපාය,කඩදොර, යන විහාරස්ථාන තුළ
පිහිටි රන්මුවා බුදු පිළිම දර්ශනයට තබා ඇති අතර බැතිමතුන් ආගමික
කටයුතු සිදුකිරිමට සඳහා මෙම පුදබිම් කෙරෙහි පිවිසෙන්නේය.
හඟුරන්කෙත
නගරයේ ඓතිහාසික වැදගත්කමකින් යුතු සුවිශේෂි ස්ථානයක් වන්නේ පොත්ගුල් විහාරස්ථානයයි. මෙම පොත්ගුල් මාළිඟය පොහොලියද්දේහිමියන්
විසින් ඉදිකිරිමට මුලික වු අතර දොරටියාවේ
මාහිමියන් විසින් නිමවා අවසන් කරන ලද වසර එකසිය
හැටපහක් පමණ ඉපැරණි පුරා වස්තු වලින් හෙබි විහාර මන්දිරයකි.
දොරහිටියාවේ ශ්රි අත්ථදස්සි
හිමිපානන්ට තම නැගණියන්ගේන් ලැබුණු
තුන්සිය පහලොස්දහස් නමක් සර්වඥධාතුන් වහන්සේලා අඩංගු පුරාවස්තු මෙන්ම රන්මුවා කරඬුවක් රුවන්පුරෙන් ලැබුණු වටිනා වස්තු රාශියක් නිධන් කළ දාගැබ හා
විහාරය මන්දිරය හඟුරන්කෙත නගරයේ පිහිටා තිබිමද සුවිශේෂි වේ. පොත්ගුල් විහරස්ථානය මුල් කාලයේදි පුදපුජා පැවැත්වු ස්ථානයකි. මෙම විහාරස්ථානය තුළ ධර්ම පුස්තක රාශියක් දක්නට ලැබේ.මෙම විහාරයේ සඳකඩපහන්,ගල් කණු,යනාදි පුරාවස්තු රාශියක් දක්නට ලැබේ.මෙම විහාරය මැතකාලයේදි පවා පුරාවිද්යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකි.
අරත්තන රජමහ විහාරස්ථානයද හඟුරන්තෙක නගරයේ පිහිටි තවත් සුවිශේෂි ඓතිහාසික ස්ථානයක් වේ. මෙම විහාරය තුළද පුරාවස්තු රැසක් දක්නට ලැබේ. මුල් කාලයේදි දෙව්රම්වෙහෙර ලෙස ව්යවහර කර
ඇත. මෙම විහරස්ථානය ඉදි කළ කාලවකවානුව නිශ්චිතව
කිව නොහැකිය. පුරාණ බෝධි වෘක්ෂය හා බෝ මලුව
පිවිසෙන දොරටුව දෙපස පිහිටි කලාත්මක භෛරව රූප මෙම විහාරයේ පෞරාණිකත්වය මෙන්ම
පුරාවිද්යාත්මක වටිනාකම පිළිඹිබු කරයි.ක්රි.ව.
1808 දි ඉංග්රිසි මහනුවර ආක්රමණය කරන විට ශ්රි වික්රම රාජසිංහ රජු
හඟුරන්කෙත සැඟ වි සිටි අතර
දළදා සමිඳුන් මෙම විහාරයේ වැඩම කළ බව සඳහන්
වේ. මෙම විහාරයේ සඳකඩ පහන ද දොරටුපාල රූප
හතරද ගල් කණු ද පුරාවස්තු
අතරින් කැපි පෙනේ. විහාරයේ ඇති අශ්ව,භේරූණ්ඩ,ගජසිංහ,නෙළුම් මල් වැනි ලී කැටයම් කලාත්මක
වටිනාකමින් යුකත වන අතර මෙම
නිර්මාණ මහනුවර යුගය නියොජනය කරයි.අරත්තන රජමහවිහාරය සතු තඹ සන්නසද ඒ
පිළිබඳව වැදගත් තොරතුරු හෙළි කරයි.
හඟුරන්කෙත නගරයේ ඇති තවත් ඓතිහාසික වැදගත් ස්ථානයක් වන්නේ මාදන්වල මහාවිහරස්ථානයයි. ලෙන් විහාරයක් වන මෙම විහරස්ථානයේ
අඩි තුනක් පමණ උස ඔත් පිළිමයක් දක්නට ලැබේ. ස්වර්ණමය රන් සිව් පිළිමයක් මෙම විහරස්ථානයේ පවතින බවට විශ්වාස කෙරේ. මෙම පිළිමය ජාම්බෝනද වර්ණයෙන් යුක්ත වන අතර ඒම
පිළිමය මොන්ගෝලීය ප්රතිමාවන්ගේ හැඩරුවක්
ගන්නා බව විශ්වාසයක් ඇත.
මෙම ප්රතිමාව තැන්පත්
කර ඇත්තේ පද්මාසනය මතය.මෙම පත්මාසනය පලාපත් අරිම්බු ආදි සම්මත කැටයමින් නිර්මාණය කර ඇත. මාදන්වල
රජමහවිහාර ස්ථානයේ ඉතිහාසය වළගම්බා මහ රජුගේ රාජ්යේදය දක්වා දිව යයි.
මෙම
විහරස්ථානයේ ඇති වැදගත්කම් අතරින් බුද්ධ ශරිරය ආදහනය සඳහා තැන්පත්
කළ රඹ දන් මුවා
දෙනෙහි වු රනින් නිම
කළ දර්ශනීය වු පිළිම සතරින්
එක් නමක් මෙම විහාරස්ථානයේ විසීම සුවිශේෂි වේ. මෙම ස්ථානයේ ගල්ලේන් විහාරයේ පිහිටි සමාධි ප්රතිමා වහන්සේ
ඉපැරණි කැටයමින් යුත්ත වන අතර මකර
තොරණින් සැදුම් ලත් එකකි.
හඟුරන්කෙත
නගරයේ පිහිටි මහාවිශ්ණුදේවාලය,පත්තිනි දේවාලයද ඉපැරණි ඉතිහාසයකට උරුමකම්පාන ඓතිහාසික ස්ථාන වේ.
මහාවිශ්ණු
දේවාලය පිළිබඳව ජෝන් ඬේවිඞ්ද මහතාද සිය අදහස් පළ කර තිබේ.
වීරපරාක්රම නරෙන්ද්රසිංහ
සමයෙහි ශ්රී විශ්ණු
දෙවියන්ට කැප කළ රජතමය ප්රතිමා පුරාණ පෙතිකඩක් තිබේ. මහාවිශ්ණු
දේවාල භූමියෙහි පිහිටා තිබෙන රාජසිංහ පැණි වරකා ගසද ඉපැරණි වටිනාකමක් යුක්ත වන අතර මෑත
කාලයේදි ද එම පැරණි
වරකා ගස දක්නට ලැබේ.
මෙම පැරණි වරකා ගස ගැන ජනප්රවාද පවා නිර්මාණය වි ඇත. ලංකාවේ
ඇති එකම ත්රිකෝණාකාර සඳකඩ
පහණ පිහිටා තිබෙන්නේද විශ්ණු දේවාලය අසලය.
හඟුරන්කෙත
පිහිටි පත්තිනි දේවාලයද ඓතිහාසික වැදගත්කමකින් හෙබි ස්ථානයකි. මෙම දේවාලයේ කලාත්මක ලී කැටයම් ඇත.
හඟුරන්කෙත
නගරයේ රජමාළිඟාවද ඉපැරණි ඉතිහායකට උරුමකම් තියන අතර ක්රි.ව.1664
සිදු වු නිල්ලඹ කැරුල්ලේදි
දෙවන රාජසිංහ රජු ඔහුගේ මාළිඟය ලෙස මෙය තනවා ඇත. මෙය ඉතාමත් ආරක්ෂිත ස්ථානයක් නිසා රජතුමා මෙම ස්ථානයේ මෙම මාළිගාව තනවා ඇති බව විශ්වාස කරේ.
දෙවන රාජසිංහ රජු අවසාන භාගයේදි නතර වී සිටියේ හඟුරන්කෙත
නගරයේ බව ජෝන් ඬේවිඞ්
පවසා ඇත.
මෙලෙස
හඟුරන්කෙත නගරයේ ඉපැරණි පුරාවස්තු රැසක් දක්නට ලැබෙන අතර ඓතිහාසික වශයෙන්ද වැදගත් ස්ථානයකි.
No comments:
Post a Comment