කෝලම් නාටකය කවර කාලෙක ප්‍රභවය වුයේ දැයි නීශ්චිතව සඳහන් කළ නොහැකිය. ඇතැම් කෝළම් පිටපත්වල සඳහන් කෝළම් උප්පත්ති කථාවට අනුව කෝළම් ප්‍රභවය වී ඇත්තේ මහ සම්මත රජු සමයේ. මහ සම්මත රජුගේ බිසවට දොළදුකක් සංසිඳවිම සඳහා මුලින්ම කෝළම් රඟ දැක්වු බව කියවේ.බිසවගේ දොළ සංසිඳ වීම සඳහා රජතුමා විසින් තම රාජ්‍යයේ සිටියාවු සියලුම නළුවන් ලවා රංගනයක් ඉදිරිපත් කළඳ ඇයගේ ආශාව නොසන්සිඳිනි.ඇය ඉමහත් දුකින් සිටිනා දුටු ශක්‍ර දේවියෝ එම බිසව කෙරෙහි කරණාවෙන් වෙස් මුහුණු නිර්මාණය කොට කෝලම්රඟන ආකාරය සඳහන් කර රඩුගේ මගුල් උයනේ තැබිමට විශ්වකර්ම දෙවියට අණ කළේය. වීශ්වකර්ම දේවියෝ ද ශක්‍ර දෙවියන් විසින් කී පරිද්දෙන් වෙස් මුහුණු නිර්මාණය කර රජතුමාගේ මඟුල් උයනෙහි තැබුහ.පසු දින උයන්පල්ලාවිසින් මෙම වෙස් මුහුණු දැක රජුට දැන්විය. රජතුමා මෙම වෙස්මුහුණු සහ දෙවියන් විසින් කරනු ලැබු සඳහන තමන් වෙත ගෙන්වා බලා තම රාජ්‍යයේ දක්ෂ ශීල්පින් ගෙන්වා කෝලම් නාටකය රඟ දැක්වු බව කියවේ. මෙම රංගනය නැරඹිමෙන් බිසවගේ දොළ සංසිඳි සුවපත් වු අතර එදා සිට කෝළම් සම්ප්‍රදාය ඇරඹි බව එම උප්පත්ති කතාවෙන් කියවේ. කෝලම් නාටකය පහතරට ප්‍රදේශයට පමණක් සුවිශේෂි වු ගැමි නාටකයක්. ප්‍රධාන වශයෙන් වැලිගම,මිරිස්ස,අම්බලන්ගොඩ සහ බෙන්තර ප්‍රදේශයන්හි මෙම නාටකය නොනැසි පැවති බව පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. කෝලම් නාට්‍යයට වෙස්මුහුණු නාටකය කියලත් කියනවා. එයට හේතුව තමායි මේ නාට්‍යයේ සැම චරිතයක්ම වෙස් මුහුණු පැළඳිම.මේ වෙස් මුහුණු නිර්මාණය කරන්න භාවිතා කරන දැව අතර රුක් අත්තන,කදුරු වැනි සැහැල්ලු ලී තමයි මේ වෙස්මුහුණු හදන්න භාවිතා කරන්නේ. එහෙම භාවිතා කරන්නත් හේතු කාරණා බෝහෝමයි. එක කාරණාවක් තමයි කොළම් රංගනයේදී භාවිතා වන පන්දම් ආලෝකයෙන් ඉතා වර්ණවත්ව මේ වෙස්මුහුණු කැපි පෙනිම. ඒ ඒ භූමිකාවන්ගේ බාහිර හා අභ්‍යන්තර චරිත ලක්ෂණ මැනවින් නිරූපණය කරන්නත් කැටයම් කොට වර්ණවත්ව නිම වුන මෙම වෙස්මුහුණු සිංහල ජන කලාකරුවන්ගේ නිරිමාණ කෞෂල්‍ය මැනවින් මුර්තිමත් කරනවා. මෙම නාටකයේ මුලිකම ලක්ෂණය තමයි නාටයයේ මුලික කතා වස්තුවට අයිති නැති හුදකලා චරිත දක්නට ලැබීම.
ඒ වගේම මෙම නාටකයේ තවත් මුලික ලක්ෂණයක් තමා වෙස් මුහුණු යොදාගෙන රංගනය යෙදීම. තවත් කාරණාවක් තමයි කෝළම් නාටකය වාචික අභිනය භාවිතා නොකීරිම. එහි භාවිතා කරන්නේ අංගික අභිනය පමණයි. කෝළම් නාටකයේ වාචික අභිනය භාවිතා නොකිරිමට හේතුව වන්නේ කෝළම් වෙස් මුහුණු සම්පුර්ණයෙන්ම හදලා තියෙන්නේ මුහුණ සම්පුර්ණයෙන්ම අවර්ණය වන විදිහට . මේ නිසා වෙස් මුහුණ පැළඳ ගත්තාම නළුවන්ගේ මුඛය අවරණය විම නිසා දෙබස් උච්චාරණය කිරිම අපහසුයි එම නිසා මෙකී නාටකයේ වාචික අභිනය භාවිතා නොකරන්නේය. මුල් කාලයේ නම් ඒ කීවේ විසිවන ශත වර්ෂයේ නම් කෝළම් රංගනයේ මුලික භූමිකා රඟ දැක්විමෙන් ඒනම් පුර්ව රංගනයෙන් පස්සේ නාට්‍යයක් දෙකක් රඟ පාලා එක දවසකින් ඉවර කර ඇත .නමුත් දවස් ගණන් පවත්වතපු අවස්ථාත් තිබේ. කෝළම් නාට්‍යයේ වාද්‍ය වෘන්දය වන්නේ බෙරකරවන් දෙන්නයි,හොරණෑ වාදකයකුයි කයිකාලම්කරුවෙකු වේ. ඒ වගේම මුල් කාලයේ කෝළම් රංගනය කරනකොට පහතරට යක් බෙරය තමයි භාවිතා කර ඇත. ඉටත් ඉස්සර තම්මැට්ටම භාවිතා කරා කියලාත් කියමනක් තිබේ. කෝළම් නාටකයේ දර්ශන අරම්භ කරන්නේ සන්ධ්‍යා සමයේ,හිරු බැහැලා ගිහින් ගොම්මන ලඟා වෙනකොට තමයි නාටකය රඟ දක්වන්න අපේ ඇත්තෝ පුරුදු වෙලා හිටියා.එකට කරුණු කාරණාත් තියෙන්න ඇති.මොකද ගොවිතැන් ඒවගේම වෙනත් රුකී රක්ෂා කරලා නිවාඩු පාඩුවේ ඉන්න වේලිවනේ හවස් යාමය කියන්නේ.
No comments:
Post a Comment