Friday, June 16, 2017

දෙවෙන්දොරා ඇවිත් යන්න











දෙවෙන්දොරා ඇවිත් යන්න
දෙවෙන්දොරා ඇවිත් යන්න
එනවද එක පාරක් තව
කෝකියෝව පාලුව අද
කුමකුරාව නිහඬව අද

ඉගෙන ගන්න බෑ කීවට
තරහද සෙන්සේ මාත් එක්ක
වෙස් මුහුණත් ආපසු දුන්
එකට පසු තැවෙනවා මම අද

ඔබ ළඟටම එන්නට මම
සිතපු වාර අනන්ත
පතන ඉක්මණින් මරුවා
නොඑයි නෙමා රැගෙන යන්න

සමාදීලා වැරදි වලට
එනවද තව පාරක් අද
තක්සියකින් එන්නම් මම
මළවුන්ගේ නවාතැනට

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...