සල්ලි අපි හැමෝටම අවශ්‍ය
දෙයක්. අද සමාජයේ ජීවත් වෙන ගොඩාක් දෙනෙක් සල්ලි නිසා අමාරුවේ වැටිලා තියෙනවා.
ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ සල්ලි නැති නිසා. එයිනුත් ගොඩක් දෙනා සල්ලි හම්බ කරනවා,
එත් ඉතුරු කරන්නෙ නැහැ. එක්කෝ ඉතුරු කරන්න දන්නෙ නැහැ. නැත්නම් ඒක එච්චර ගණන්
ගන්නෙ නැහැ. අන්තිමට අමාරුවේ වැටෙන්නෙ ඒ අයමයි. සල්ලි ඉතුරු කරනවා කියන්නෙ බැංකුවල
ගොඩ ගහනවා කියන එකම නෙවෙයි. ඒ මුදල් ආයෝජනය කරනවා කියන එක. බැංකුවක තැන්පත් කරලා
පොලිය ගන්න එකත් හොඳ ආයෝජනයක් තමයි ලංකාව වගේ රටක. ඒ අපේ ඉතුරුමට බැංකුව පොලියක්
ගෙවන නිසා.
අපි අද ඔයාලට කියන්න
යන්නෙ අතට හම්බ වෙන ගාන පරිස්සමට වියදම් කරල අන්තිමට කීයක් හරි ඉතුරු කරගන්නෙ
කොහොමද කියල. මේ ලිපිය ඉවර වෙනකල් කියවන්න. මේ උපදෙස් ටික ඔයාලට ගොඩක් වැදගත් වේවි.
ඔයාලගෙ මොකක් හරි හීනයක් ඇති නේ. කාර් එකක් ගන්න. මෝටර් බයිසිකලයක් ගන්න. ලැප්
ටොප් එකක් ගන්න. අන්න ඒ හීනය සිතුවම් කරලා ඔයාලට නිතර පේන තැනක එල්ල ගන්න. ඒ
කියන්නෙ කාමරේ බිත්තියේ. කණ්ණාඩිය ළඟ. සාලයේ. එතකොට ඒක ඔයාලට හැම තිස්සෙම පේන නිසා
ඒ හීනය හැබෑ කර ගන්න මුදල් ඉතුරු කරන්න උත්සාහ ගන්නවා.
ඔබ යමක් මිල දී ගැනීමට
පෙර දෙවරක් සිතන්න. එය ඔබට හැබෑවටම අවශ්‍ය කරන දෙයක් ද? නැද්ද? කියලා. ක්ෂණික
තීරණවලට එළඹෙන්න එපා. අනවශ්‍ය දේවල්වලට මුදල් වියදම් කරන්න එපා. ෆුඩ් සිටිවලට
ගියාම විශේෂයෙන් පරිස්සමින් වියදම් කරන්න. දකින දකින දේවල් ගන්න යන්න එපා. එතකොට
තමයි අමාරුවේ වැටෙන්නෙ. සතියකට දවසක් දාගන්න වියදම් කරන්නෙ නැති දවසක් විදියට. ඒ
දවස පටන් ගත්තම පුළුවන් තරම් වියදම් නොකර ඉන්න බලන්න. බැරිම අවස්ථාවක ඇරෙන්න අද
වියදම් කරන්නෙ නෑ කියල හිතාගෙන වැඩ කරන්න. ඔබේ පවුලේ අයත් එක්ක මේ දේ කතා කරගෙන
කරන්න. එක දවසකට ඒක පුරුදු වුණාම සතියට දවස් දෙකකට ඒක දික් කර ගන්න.
ක්‍රෙඩිට් කාඩ් හැම තැනම
අරගෙන යන්න එපා. අතේ තියෙන මුදල් වියදම් කරන්න බලන්න. ණය වෙන තරමට ඒවට පොලී ගෙවන්න
වෙනව කියල මතක තියා ගන්න. ක්‍රෙඩිට් කාඩ් වෙනුවට වෙනම එකවුන්ට් එකක් හදාගෙන ඒක
ඩෙබිට් කරන්න. ඩෙබිට් කාඩ් එකක් හදා ගන්න. එතකොට වියදම් කරන්නෙ අතේ තියන මුදල
විතරයිනෙ. අනෙක නාස්තිය අඩු වීම පහසුව කියන දෙකම තියෙනවානේ. ඔබ මොනවහරි මිලදී ගන්න
ගියාම ඩිස්කවුන්ට් එකක් ගැන අනිවාර්යයෙන්ම විමසන්න. ඔබ විමසුවේ නැත්නම් ඔබට කිසි
දිනෙක ඩිස්කවුන්ට් එකක් ලැබෙන්නෙ නැහැ.
සමහර භාණ්ඩ ඉදිරියේදී මිල අඩුවීමට නියමිත බව කලින්
දැනගන්න පුළුවන්. ඒ වගේ දේවල් හදිසි වුනත් පුළුවන් තරම් ඉවසන්න. මිල අඩු වුනාට
පස්සෙ ගන්න. හදිසි වෙන්න යන්න එපා. භාණ්ඩයක් මිලට ගන්න කඩේකට ගියාම පළවෙනි කඩෙන්ම
මිලට ගන්න යන්න එපා. හදිසි නම් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩි මාකට් සර්වේ එකක් කරල
මිල ගණන් අඩුම තැන හොයාගන්න. හැබැයි මිල අඩුම තැනට යන්න ඒ අඩුවෙන ප්‍රමාණයට වඩා
වියදම් යනවා නම් ඒක අත්හැරල පහසු තැනින් මිලට ගන්න. ඔන්න ඔය වගේ පොඩි පොඩි
දේවල්වලින් අපට මුදල් ඉතුරු කර ගන්න පුළුවන්.
No comments:
Post a Comment