වර්තමානයේ සම්පත් බැංකුව තුල තම සේවාදායකයන්ට අන්තර්ජාල බැංකු ක්‍රම තුල සුවිශේෂී පහසුකම් සපයන වාණිජ බැංකුව ලෙස ප්‍රචලිතය. සම්පත් බැංකුවේ මූලාරම්භය දෙස බැලීමේදී 1986 දී ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය කළ අතර, ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සම්මානලාභී වාණිජ බැංකුවක් ලෙස සඳහන් කළහැක. ආරම්භක සභාපති එන්.යූ ජයවර්ධන මහතා වන අතර 1986 ඇරඹූ සම්පත් බැංකුව එහි මූලාරම්භයේ සිටම පරිගණක දත්ත ගබඩාකර එම තාක්‍ෂණික පහසුකම ක්‍රියාත්මන කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව වේ.
එසේම අධිතාක්‍ෂණික බැංකු ක්‍රමයේ ආරම්භකයා වන ්ඔඵ යන්ත්‍ර භාවිතය සම්පත් බැංකුව මූලික කොට ඇරඹුණු අතර ඩෙබිට් කාඞ් භාවිතය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වෙමින් හඳුන්වා දෙන ලදී. එසේම 1996 දී ටෙලි බෑන්කින් පහසුකම හඳුන්වාදුන් අතර එසේම ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙබ් අඩවිය 2004 සිට 2009 කාලය තුල සම්පත් බැංකුව ආරම්භ කරන ලදී. එසේම මෙම වාර්තාව සැකසීම පාදක වූ අන්තර්ජාල බැංකු ක්‍රමය සම්පත් බැංකුව මගින් ආරම්භ කරන ලද්දේ 2000 වර්ෂයේ වන අතර සම්පත් බැංකුව ආරම්භයේ සිටම දත්ත පරිගණකගතකරණය කර තිබීම ඊට ඉමහත් රුකුලක් වී ඇති බැවින් සම්පත් බැංකුව මුල සිටම නිරතුරුම තාක්‍ෂණය හා අත්වැල් බැඳ ගත් ආයතනයක් බව මින් ගම්‍යමාන වේ.
සම්පත් බැංකුවේ මෙම ආරම්භය තුළ වර්තමානයේ ද නිරතුරුව තමන්ගේ සේවාලාභීන් උදෙසා නව අන්තර්ජාල බැංකු ක්‍රම හඳුන්වා දෙමින් ඒවා වඩාත් ව්‍යාප්ත කරමින් තම සේවයේ නිරත වේ. විශේෂයෙන්ම ඔවුන් හඳුන්වා දුන් නම් නවතම අන්තර්ජාල බැංකු ක්‍රමය ඉතා මෑතකාලීන නව හඳුන්වාදීමකි. මෙම ආකාරයෙන් තාක්‍ෂණය හා නිරතුරුවම සම්බන්ධ වෙමින් සේවාලාභීන් හට කරනු ලබන සේවය නිසාම ආරම්භයේ සිටම සම්පත් බැංකුම සම්මාන සඳහා පාත්‍ර වීම අරුමයක් ද නොවේය. ඒ අනුව 1998 දී ශ්‍රී ලංකාවේ හොඳම වාණීජ බැංකුව වූ අතර, පසුව 1997, 98 වර්ෂවල ද එම සම්මාන දිනා ගනිමින් වර්ථමානයේ 2015 වර්ෂයේද තවත් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකට උරුමකම් කියන ලදී. එසේම අන්තර්ජාල පද්ධතිය සම්බන්ධවද ලබා දෙන සම්මානවලට උරුමකම් කීමට සම්පත් බැංකුවේ විශිෂ්ඨ සේවාව තුළ ඔවුන්ට හැකිවිය.
සම්පත් බැංකුවේ අන්තර්ජාල බැංකු ක්‍රම සේවා භාවිතයේ නව ප්‍රවණතා
මෙම ඇගයීම් වාර්තාව සැපයීම වෙනුවෙන් මා විසින් තෝරා ගත් බැංකුව වූයේ සම්පත් බැංකුවයි. මේ සඳහා මෙම බැංකුව යොදා ගනු ලැබුවේ විශේෂයෙන්ම සම්පත් බැංකුව විශාල ලෙස අන්තර්ජාල බැංකු සේවා සපයන වාණිජ බැංකුවක් වීම හා මහජන ප්‍රසාදය දිනා ගත් බැංකුවක් වීමයි.
ප්‍රධාන වශයෙන් සම්පත් බැංකුවේ අන්තර්ජාල බැංකු ක්‍රම තුළින් පාරිභෝගිකයාට විශේෂ පහසුවක් සැලසීමේ අරමුණින් කොටස් වලට වෙන් කර ඇත. ඉතා මෑත කාලීන අන්තර්ජාල බැංකු ක්‍රමයක් ලෙස ඔවුන් හඳුන්වා දුන්නේ සම්පත් විශ්ව යන බැංකු ක්‍රමයයි. මෙය සම්පත් බැංකුව විසින් තම පාරිභෝගිකයන්ට අන්තර්ජාල බැංකු ක්‍රම භාවිතයේ විශිෂ්ඨත්වය ගෙන හැර දක්වමින් දායාද කරන ලද සුවිශේෂී අන්තර්ජාල බැංකු ක්‍රමයකි.
1. සම්පත් විශ්ව
මෙම සම්පත් විශ්ව අන්තරජාල පහසුකම තුළින් සම්පත් බැංකුවල සේවය ලබන පාරිභෝගිකයන් හට නවමු පහසුකම් රැසක් හඳුන්වා දී ඇත. මෙහිදී පාරිභෝගිකයාට සලසන ප්‍රදානතම පහසුකමක් ලෙසට සම්පත් විශ්ව ඕනෑම උපාංගයක් එනම් පරිගණක තීරයක් මත නැතහොත් අන්තර්ජාල පහසුකම් ඇති ජංගම දුකරථනයක් තුළ එයට ගැලපෙන ලෙස සැකසෙමින් පාරිභෝගිකයාට පහසුවෙන් භාවිතා කල හැකි පරිදි නිර්මාණය කර ඇත.
එසේම ඊටම අදාල මූල්‍යමය දින දර්ශනයක් බැංකු නිවාඩු දින සහිතව දර්ශනය කරයි. තව ද ඉතුරුම් තැම්පතු ස්ථාවර තැම්පතු අනේවාසික විදේශ මුදල් ගිණුම්, නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් ආදියේ සබඳතාවය මෙම අන්තර්ජාල බැංකු ක්‍රමය සමග පවත්වාගෙන යා හැක.
එසේම මේ තුළ අන්තර්ජාල බැංකු ක්‍රමය තුළින් ක්‍රුාසඑ ක්‍්රා ගනුදෙනු හුවමාරු දැක ගත හැකි අතර ශේෂය දබකසබැ එම අවස්ථාවේම බලා ගත හැකිය. එසේම ගනුදෙනු ඉතිහාසයද අන්තර්ජාල වෙබ් පිටුව තුළ දර්ශනය කරගත හැකිය. තුන්වන පාර්ශවයයක් හා සම්බන්ධ විමේදී මුදල් හුවමාරුව දිනයකදී සීමා සහිත කර ඇති වූවද තමන්ගේම ගිණුම හා සම්පත් බැංකුව සමඟ අන්තර්ජාලය තුළින් අසීමිත ගනුදෙනු හුවමාරුවක් කල හැක.
මේවා ට උදාහරණ ලෙස
■ සම්පත් බැංකුවේ ලියාපදිංචි කරන ලද ගිණුම් හුවමාරු සඳහා රු. 100,0000/= එසේම සම්පත් බැංකුවේ ලියාපදිංචි ගිණුම් වලින් අනෙකුත් බැංකු වලට ගනුදෙනු හුවමාරු වලදී 1000000 ද
■ තෙවන පාර්ශවයක් වෙත ගනුදෙනු හුවමාරු කරන්නේ නම් 250 000 ද සම්පත් බැංකුවේ ලියාපදිංචි නොකනර ලද ගිණුම් සඳහා 80000 ද ලෙස අන්තර්ජාල භාවිතයෙන් සම්පත් යටතේ ගණුදෙනු කල හැක.
■ එසේම සම්පත් විශ්ව අන්තර්ජාල පහසුකම් තුලින් සැපයෙන තවත් සුවිශේෂී සේවයකි පාරිභෝගිකයන්ට තම ගනුදෙනු හුවමාරු කාලසටහනට අනුව සිදුකල හැකි වීම.
එසේම මෙම අන්තර්ජාල බැංකු ක්‍රමය තුල ආරක්ෂිතභාවය තහවුරු කරමින් පෞද්ගලික බිල් වල තොරතුරු ආරක්‍ෂා කරන අතර ඇතැම් චෙක්පත් ගෙවීම් නරත කිරිම සිදු කරයි. චෙක්පත් අංකය හා සම්පත් විශ්ව හරහා ගිණුම් අංකය තෝරා ගැනීම පාරිභෝගිකයන්ට සිදු කල හැක. මේ තුල අත්වැරදීම් නිවැරදි කර ගැනීමට සම්පත් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම සුවිශේෂී ලෙසට පාරිභෝගිකයා වෙනුවෙන්ම නිර්මාණය කොට තිබේ. එසේම අනාරක්‍ෂිත තත්වයක් හැගේ නම් මෙම සම්පත් විශ්ව අන්තර්ජාල පහසුකම භාවිතා කරන්නාට තම මුරපදය වෙනස් කිරීමේ හැකියාව ද පවතී.
මෙය භාවිතා කල හැක්කේ
■ දැනට සම්පත් බැංකුවේ ගිණුම් හිමියනට
■ දැනට ගිණුම් හිමියකු නොවූවත් අඅඅගි්පච්එයඩසියඅ්ගජදප හරහා ආධුනිකයන්ට ගිණුමක් විවෘත කිරීමෙන් මෙම පහසුකම භාවිතාකල හැක.
■ සම්පත් බැංකුවේ ගිණුමක් නොතිබුනද සම්පත් බැංකුවේ ක්රෙඩිට් කාඞ්පත් හිමියන්ට
සම්පත් බැංකුවේ මෙම අන්තර්ජාල බැංකු ක්‍රමය තුලින් විවිධ බිල් ගෙවීමේ හැකියාව පතිවන අතර මෙය බිල් ගෙවීම් කටයුතු සඳහාම සකසා ඇති අන්තර්ජාල බැංකු පද්ධතිය වේ. මේ තුළින් රක්ෂණ ගාස්තු, පාසල් ගාස්තු, රෝහල් ගාස්තු, විවිධ භාණ්ඩ බිල් ගෙවීම් මේ ආදි ලෙස විවිධ ආයතනවලට බිල් ගෙවීම් කටයුතු සඳහා වීසා කාඞ් හෝ මාස්ටර් කාඞ් හිමියන් මෙම අන්තර්ජාල බැංකු ක්‍රමයෙන් ගෙවීම් කිරීමට උනන්දු කරවයි. මේ තුළ සේවා ලාභීන්ට ඉතා පහසුවෙන් තමාට අවශ්‍ය ගෙවීම් අදාල ස්ථානයට නොගොස් ඉතා පහසුවෙන් ගෙවීම් කිරීමේ හැකියාව උදා වේ.
මෙහි ඇති ප්‍රතිලාභ මෙන්ම අන්තර්ජාල සේවය පිළිබඳ අඩවියට පිවිසීමෙන් සේවාදායකයාට මෙන්ම අන්තර්ජාල ගෙවීම් ක්‍රම පිළිබඳ අවශ්‍ය පුද්ගලයන්ට දැනගත හැකිය. මෙම ක්‍රමයේ සුවිශේෂිතම පහසුකම වන්නේ අපට ආයතනයක් තුළ හෝ විශේෂයෙන්ම පාසලක් සඳහා ගෙවීමක් කිරීමට නම් එම පාසල විවෘතව පවතින්නේ පැය 6 ක කාලයක් පමණි. එසේම එම ස්ථානයට යාමට පිරිවැයක් හටගනී. නමුත් මෙම අන්තර්ජාල බැංකු සේවා භාවිතය තුළ සම්පත් බැංකුවේ ඡ්හ ැ්ිහ සේවාව මගින් දවස පුරාම එනම් පැය 24 ම සතියේ දින 7 දීම අවශ්‍ය ගෙවීම් තමාට අවශ්‍ය ලෙස ගෙවීම් කිරීමට හැකි පරිදි සකසා ඇත. එසේම සම්පත් බැංකුවේ මෙම ඡ්හ ැ්ිහ සේවාව ගෙවීම් අවස්ථාවන්හි විශාලතම එකතුව වේ. එසේම මෙම ගෙවීම් වලදී සම්පත් බැංකුවේම ගෙවීම් කාඞ් අවශ්‍ය නොවන අතර ඊට ඕනෑම කාඞ් පතක් භාවිතා කළ හැකි වීම පාරිභෝගිකයාට සලසා ඇති විශාලතම පහසුවකි. එසේම මෙහි ද මෙම ඡ්හ ැ්ිහ අන්තර්ජාල ගෙවීම් ක්‍රමයේ ආරක්‍ෂිත භාවය උදෙසා සාමාජික දත්ත හා රහස්‍ය භාවය පිළිබඳ ගිණුම් ප්‍රවේශ සාමාජිකයන්ට මුරපද සැපයීම තුළ තහවුරු කර ඇත.
මෙම අන්තර් ජාල බැංකු සේවාවේ ප්‍රතිලාභ ලෙස
ශේෂය පරික්‍ෂා කිරීමට හැකි වීම.
සමාගම් හා ඔබේ ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමට හැකි වීම.
අස්ථිර චෙක්පත් සම්පූර්ණයෙන්ම බිඳ දැමීම.
විශේෂයෙන්ම මෙවැනි සේවා සේවාව ලාභීන්ට විශේෂයෙන්ම අවශ්‍ය වන්නකි. මන්ද තමා තුළින් චෙක්පත් වල වරදක් සිදුවුවහොත් ගනුදෙනුව සිදු නොවී එය අවලංගු වන බැවිනි.
එසේම මෙම අන්තර්ජාල සේවාව තුළින් සම්පත් බැංකුවේ සේවා ලාභියෙකුට තමන් අන්තර්ජාල බැංකු පද්ධතියේ මෙම අංශයේ ලියාපදිංචි වී ඇත්නම් ජංගම ගිණුම, ඉතුරුම් ගිණුම හෝ තැන්පතු හා බැංකු ණය පිළිබඳ ඕනෑම මුදල් පිළිබඳ තොරතුරුකට ප්‍රවේශ විය හැකිය.
තව ද මෙහිදී චෙක්පොත් සෝදිසි කිරීම හා නව චෙක්පොත් ඉල්ලීම මෙන්ම ගෙවීම් නැවැත්වීම් ආදියද සිදු කළ හැක. එසේම ගිණුම් වාර්තා සඳහා ද ඉල්ලුම් කළ
එසේම මෙම පහසුකම ලබා ගත හැකි පාරිභෝගිකයන් ලෙස
ඕනෑම මාස්ටර් හෝ ක්රෙඩිට් කාඞ් හිමියන්ට හා සම්පත් විශ්ව පාරිභෝගියන්ට
ලෙස හැඳින්විය හැක.
Sampath Vishwa Corporate (SVC)
මෙය අතිශය පාරිභෝගික හිතකාමී අන්තර්ජාල බැංකු ක්‍රමයක් වන අතර මේ සඳහා 2015 වර්ෂයේ සම්පත් බැංකුවට රන් සම්මානයක් හිමි විය. මෙය ගෙවීම් කලමණාකරණ කාර්්‍යයේ නියලේ.
Sampath Payment Gateway
මෙයද සම්පත් බැංකුවේ අන්තර්ජාල බැංකු ක්‍රමයක් වන අතර ව්‍යාපාර සඳහා ඉතා ප්‍රයෝජනවත්ය.
මේ ආකාරයෙන් විවිධ අන්තර්ජාල බැංකු සේවා පවතින අතර සේවා ලාභීන්ගේ පහසුව සැලසීම උදෙසා මේවා ක්‍රියාත්මක වේ.
No comments:
Post a Comment