Friday, June 30, 2017

බෙල්ල අවට අත් යට සහ කළවා ඇතුළත කළු පැහැ වීම ඔබටත් තියෙන ගැටළුවක් ද? පීඩා විඳින්න එපා මේ බෙහෙත හදාගන්න. (උ ගැ)



Image result for neck

බෙල්ල අවට අත් යට සහ කළවා ඇතුළත පෙදෙස්වල සම කළු පැහැ හෝ අව පැහැ ගැන්වීම බොහොමයක් දෙනාට තියෙන ප්රශ්නයක්ග මෙහෙම වෙන්නෙ වැක්ස් කිරීමල ෂේව් කිරීමල අව්වට නිරාවරණය වීම හෝ ඩියොඩ්රන්ට් පාවිච්චිය නිසයි.

ඊට අමතරව අධික බර නිසාල දියවැඩියාව නිසාල ආන්ත්රික හෝ මෞත්ර ලිංගික පද්ධතියේ පිළිකාමය තත්ත්වයන් නිසා වුවත් මේ කළු පැහැ වීම ඇති වෙන්න පුළුවන්.

අද සමාජයේ ගොඩක් දෙනා තමන්ගෙ රූපලාවන්ය කටයුතු සඳහා ගොඩක් වියදම් කරනවාග සමේ මේ වගේ කළු වුන තැන් ඉවත් කරන්න චර්ම රෝග විශේෂඥයින්ට සල්ලි වියදම් කරන ගොඩක් අය ඇතිග සමහරුන්ට ඒක නිකන් කාලය සහ සල්ලි නාස්ති කරන වැඩක් කියල තේරිලත් ඇති.

ඒ නිසා අද අපි කියලා දෙන්න හදන්නේ ඉහත සදහන් කරපු ස්ථාන වල තියෙන කළු පැහැය නැත්තටම නැතිකරලා දාන විදියක් ගැනග මේ ප්රතිකාරය ඉතාම සරලයිග ඒ වගේම ඉතාම ලාභදායකයි.

මේ ප්රතිකාරය කරන්න අවශ්ය වෙන පේස්ට් එක හදාගන්න අපට ඕන වෙන්නෙල ලුණු මේස හැන්දක්ල ඔලිව් තෙල් මේස හැන්දක් සහ බේකිං සෝඩා මේස හැන්දක් විතරයි.

දැන් අපි බලමු මේක හදා ගන්න විදිය.

ඉහතදී අපි කියපු ද්රව්යය සියල්ල එකට දාලා හොඳින් කලවම් කරන්නග සියුම් පේස්ට් එකක් ලැබෙන තුරු මෙසේ කලවම් කරන්නග ඊට පස්සේ හදාගත්ත ක්රීම් එක අදාළ ස්ථානවල ආලේප කරන්නග විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා දමන්නග මේ ප්රතිකාරය සතියකට 3 වතාවක් පමණ සිදු කළ යුතුයි.

මේ ප්රතිකාරය කරන අතරතුර වැඩිපුර ජලය පානය කළ යුතු අතරල විටමින් ඊ සහිත ආහාර වැඩිපුර භාවිතා කළ යුතුයිග ප්රතිකාර කරන අතරතුර අදාළ ප්රදේශ හිරු එළියට නිරාවරණය නොකර සිටීමට වග බලා ගන්න.

ඔලිව් තෙල් වෙනුවට ඔබට පොල් තෙල් වුවද භාවිතා කරන්න පුළුවන්ග මේ ස්වභාවික ප්රතිකාරකය ඔබේ සමේ අඳුරු පැහැ ස්ථාන ඉවත් කරාවි.

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...