Monday, June 19, 2017

අප රටේ වසන අහිගුණ්ඨික ජනයා පිළිබඳව ඔබ නොදත් දැ












  
අහිගුණ්ඨීකයා කී පමණින් එක වරම සිහියට නැගෙන්නේ තැනින් තැන වාඩි ගසාගෙන සිටින පිරිසකි. ඔහුන් නයි නැටවිම,සාස්තර කිම ආදි ජීවන උපායන්ගෙන් යැපෙන සැහැල්ලූ,සංචාරක ජිවිතයක් ගත කරන ජන කොට්ඨාසයකි. ලක්දිව සැම පළාතක පාහේ අහිගුණ්ඨීකයන් සාමාන්යයෙන් ජිවත් වන  අතර,උතුර මැද,නැගෙනහිර හා සඹරගමු යන පළාත්වල නිරන්තරවද මොවුන් දක්නට ලැබේ. අහිගුණ්ඨීක ජනයාගේ මුල් වාස භූමිය ලෙස සලකනු ලබන්නේ ඉන්දියාවයි.ඔවුන් ආදියේදි මෙරටට සංක්රමණය වු අනාර්ය ජන කොට්ඨාසයක් ලෙස සැලකේ. ඔවුන් හැඳින්විමට යෙදෙන අහිගුණ්ඨීක ශබ්දය ඔවුන්ගේ අනාර්ය ප්රභවයට සාධක යැයි සමහරු පවසති. අහිගුණ්ඨීක යන්නෙහි නියම අර්ථ නිරුක්තිය අවිනිශ්චිතය. පාලි සාහාත්යයන්හි ඇතැම් විට අහිගුණ්ඨීක යන්න කුණ්ඩික හා අහිතුණ්ඩික යන්නෙන් අර්ථ ගන්වා ඇත. අහිගුණ්ඨීකයා යන්න ඛිඳී අවුත් ඇත්තේ උගුල් ඇටවිම,වෙළිම යන අරුත් ඇති සංස්කෘත ගුණ්ඨ ධාතුවෙනැහි අනුමාන කල හැකකෙසේ වෙතත් මානව විද්යාඥයන් පවසන ආකාරයට අහිගුණ්ඨීකයන්ගේ ගතිපැවතුම් අවිනිශ්චිත කුතුහලයක් පවතින  බව ප්රකාෂ කර ඇත.
ලක් දිව අහිගුණ්ඨීක පිරිමින්ගේ ප්රධාන ජීවන උපාය වශයෙන් සැලකෙන නයි නැටවිම ඔවුන්ගේ ගෝත්රයට සම්බන්ධ පැරණි ඉතිහාසයක් ඇති වෘත්තියකි. බුදුන් වහන්සේ විසින් තම ශාවකයන්ට නොකළ යුතු යැයි අනුදැන වදාළ ම්ථ්යා ආජිවයන් අතරින් එකක් වන මෙම වෘත්තිය මෙකල මෙන්ම පුරාණයෙහි ප්රචලිතව පැවති බව නොයෙකුත් ජාතක කතා වලින් හෙළිදරව් වේ. අප රටේ අහිගුණ්ඨීක ජනයා දකුණු ඉන්දියාවේ මදුරා,පාණ්ඩ් ආදී ප්රදේශ  වල වෙසෙන කොර්වර්,කුර්වර් හා ඇතැම් විට කොරව යනුවෙන්ද හඳුන්වන සංචාරක ගෝත්රිකයන්ට සමාන වේ.
මානව දේහ ලක්ෂණ විමසිමේදි අහිගුණ්ඨීක ඔස්ට්රොලොයිඞ් ලක්ෂණයන්ගෙන් සම්මිශ්රණ වු මධ් ධරණි ගණයට අයත්  වුවකු බව පෙනි යයි. ලංකාවේ වසන තවත් ගෝත් දෙකක් වන මද්දිලියන් (රිලා නටවන්නන්)පච්ච කොටන්නන් අහිගුණ්ඨීකයන්ගේ ගණයෙහි ලා සැලකෙන බව ඇතැමුන්ගේ මතතයි. වෙස්ලි ටී.කාසිර් මෙම පච්ච කොටන අහිගුණ්ඨීකයන් හෙවත් වඩුගයන් ගැන කදීම විස්තරයක් කරයි.එනම් ඔවුන්ගේ භාෂාව වඩුග ලෙසින් හඳුන්වන ඔහුන්, ඔහුන්ගේ ස්ත්රීන් මදටිය හෝ ඔලිද ඇටවලින් ලස්සනට මාල තැනීමටත්, පන් වර්ග වලින් පැඳුරු විවිමටත් තරුණයන් කුකුල් හොරකමටත් දක්ෂ බව පළ කරයි. අහිගුණ්ඨීන්කයන්  යනුවෙන්  අප අදහස් කරන්නේ නයි නටවන අය පමණක් නොවන නිසාත් ඔහුන් සියලු දෙනාම භාරතීය මුලගෝත්රිකයන් පැවත එන්නවුන් නිසාත් සමාන දේහ ලක්ෂණ ඇති නිසාත් මද්දලයන් මෙන්ම පච්ච කොටන්නන් අහිගුණ්ඨීක ජන කොට්ඨාසයෙලා සැලකේ. අහිගුණ්ඨීකයෝ හා මද්දලයෝ එකකුගේ වෘත්තිය වඩා උසස් කොට සලකන අතර ඔහුන් අනෝන් විවහා සිඳු නොකරේ.
ජංගම ජිවිතයට කැප වු අහිගුණ්ඨීකයා තමා හා තම නයින් අව් වැස්සෙන් ආරාක්ෂා කීරීම සඳහා තාවකාලික නිවාසයක් තනා ගනු ලබන්නේ තල් අතු එකට තබා මැසිමෙනි. ඔහුන් තල් අතු තෝරා ගෙන ඇත්තේ ඒවායේ කල් පවත්නා බවත් සහ තැනින් තැන ගෙන ඇත්තේ ඒවායේ කල්පවත්නා බව සහ  තැනින් තැන ගෙන යාමට ඇති සැහැල්ලු බව සලකා ගෙන . අළුතින් වාඩියක් ගසා ගැනීමට පළමුව ඔහුන් කරන්නේ එම ස්ථානයෙහි තාවකාලික පුදසුනක් තනා එය ඉදිරිපිට පොල් ගෙඩියක් ගසා බිඳිමයි. නාගයාගේ නිවහන යන අරුත් ඇති නා ඉල්ල හෙවත් නා ඉල්ලම යනුවෙන් හඳුන්වන අහිගුණ්ඨීක වාඩිය සාමාන්යයෙන් දිගින් අඩි 9 පමණ වන අතර උසින් අඩි පහකට වඩා වැඩි නොවේ. තුළ එකිනෙක මත ගොඩ ගැසු නයි පෙට්ටි,මැටි හා පිත්තල හැළි වලං,ඇඹරුම් ගල් කුළුබඩු බොතල්,වතුර කල ආදී ලටපට්ට හැම එකක්ම ඇත.කුප්පායමේ නායක අහිගුණ්ඨීකයාගේ පැලෙහි ඇති විශේෂත්වය නම් පිත්තල භාජන වැඩිපුර තිබිමයි. වාඩිලා ගත් තැන අතැර යන විට ගැහැනු තල්කොළ මිටි හිසින් රුගෙන පිරිමි නයි පෙට්ටි උසුලා ගෙන හැලි වළං පිරවු ගෝනි පටවන ලද බුරවන්ගේ පසකින් ගමන් කරයි .
විවිධාකාරයෙන්  පෙණ ගොබය විදහා ලීමට සලස්වමින් නයි නැටවිම ඇති හැකියාව අහිගුණ්ඨීක සතු විශේෂ දක්ෂතාවක් ලෙස පුරාණයෙහි සලකන ලදී. එසේම නයි නැටවිමේ ප්රදර්ශනද,තරඟ පැවැතිණි. මෙ කල මෙන්ම අතීතයෙහි අහිගුණ්ඨීක රිලවුන් නැටවිම කළ බව ජාතක සාහිත්යයෙන්ද අනාවරනය වේ.ශ්රී ලංකාවේ වසන අහිගුණ්ඨීක ජනයා ඔවුන්  මෙහි සංක්රමණ  වුයේ කුමන දේශයකින් දැයි නිගමන කීරිම අපහසු වන්නේ නැත.ඇතැමුන්ගේ මතය පරිදි වත්මන් ශ්රී ලංකික අහිගුණ්ඨීකයා ජාතක කතා ආදී පැරණී සාහිත්යයෙහි සඳහන්  වන  අහිගුණ්ඨීකයා පැවත එන්නකි. මෑත අතීතයෙහි දී සිංහල ජනයා  විසින්  ඔහුන් තෙළඟුකාරයන් ලෙසින් හඳුන්වන බව දැක්වේ.අනිත් අතට අහිගුණ්ඨීකයන් තමන් ද්රවිඩයන් නොව තෙළගු ජාතිකයන් බව එකී ජාති ප්රභේදය වෙනස් වටහා ගැනීමට ඇතැම් විට අපොහොසත් වු ඉංග්රිසි පාලකයන්ට ඒත්තු ගැන්විමට වග බලාගත් බව හෙළිවේ.මෙරට අහිගුණ්ඨිකයාගේ දේහලක්ෂණ,ගති පැවතුම් හා ජීවන රටාව විමසා බලන විට ඒවා ලෝකයේ වෙනත් රටවල වෙසෙන අහිගුණ්ඨික වර්ගයාට පුදුමාකාරයෙන් සහෘද වන බව පෙනි යයි.එම අදහස් විමසා බලන එක් විචාරයකු ඒවා සම්පිණ්ඩනය කර දක්වයි.“අප රටේ වසන අහිගුණ්ඨික සහ ලෝකයේ වෙනත් රටවල වසන අහිගුණ්ඨිකයන් අතර ඇතැම් සමාන ලක්ෂණ විද්යාමාන වේ.සංචාරක දිවියට ඔහුන් දක්වන ඇල්ම ඉන් එකකි.එසේ ඔහුවු මත්පැනට ලොල්ය,අන් ජාතින් සමග සංකලනය විමට අකමැතිය.ඉඩක් ලද විටක හොරකමට නැඹුරු වේ.”මින් සඵල වන්නේ ලංකාවේ මෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ වෙසෙන අහිගුණ්ඨික ජනයා පොදු ප්රභවයේ නිජ භුමිය වු කලී භාරතය බව ලෝකයේ විසිර පවත්නා අහිගුණ්ඨීක ජනයා පිළිබඳව අධ්යයන කළ විත්වතුන්ගේ මතයයි.
මොහුන් ශාරිරික ලක්ෂණ අතින් මෙන්ම ඔහුන්ගේ භාෂාව අතින්ද විමසා බලන කල්හි අහිගුණ්ඨිකයන් ඉතා සමිප වන්නේ තෙළිඟු වංශිකයන් බව පැහැදිළි වේ.එහෙත් එය ශ්රද්ධ තෙළිගු නොව තුලු නමින් හැඳින්වෙන ග්රාම් ව්යවහරයකි.සෑම අහිගුණ්ඨීක කුප්පායකටම නායකයෙක් සිටි.ඔහු කුප්පායමේ සියලු දෙනාගේ අභිමතය පරිදි තෝරා ගනු ලබන ගෝත්රික චාරිත් වාරිත් පිළිබඳ හසළ දැනුමැති තිස් විය ඉක්මවු වැඩිහිටියකු විය යුතුය.අවවාද දීමෙහි,ගෝත්රික මෙහෙය විමෙහිලා  හා ග්රෝත්රික විනය රැකිමෙහි ඇති දක්ෂතාවය ආදී ගුණාංග රැසක් අපේක්ෂා කරේ.ඔහු කුප්පායමේ සිටින ඉතාම බලධාරි සම්භාවනීය පුද්ගලයා නමුදු යම් අවස්ථාවකදි ඔහු පක්ෂපාතිව හෝ සම්මත රීතින්ට පටහනිව කටයුතු කරයි නම් පදවියෙන් ඔහු ඉවත් කර වෙන අයකු පත් කර ගැනීමේ බලය වසින් සතුවේ. අහිගුණ්ඨික පැල්පත් රාශියක් එකතු වු විට එය නා ඉල්ල හෙවත් වාඩිය හෝ කුප්පායම යැයි කියනු ලැබේ.සාමාන්යයෙන් නා  ඉල්ල අටටත් පහළොවටත් අතර ගණනක් වේ.සෑම පවුලක්ම ආර්ථික වශයෙන් බලන විට ස්වාධින ඒකකයක් ලෙස සැලකේ.සෑම දෙනාම උපයන ආදායම පොදු ආදායම වේ.දඩයමෙදි පවුල් කිහිපයක අය එකතුව දඩයම් කර පසුව බෙදා ගනි.
 සෑම අහිගුණ්ඨීක කුප්පායමක් තුළම දැඩි සංවිධානයක් ඇතිවා සේම,ලංකාව පුරා විසිර වසන අහිගුණ්ඨික කුප්පායම් අතරද සංවිධානයක් ඇත. කුමන පළාතක විසිර සිටියද එක කුප්පායකම විස්තර කිමට අනිත් කුප්පායමේ සිටින ජනයා සමත්ව ඇත. දීපාවලි සමයෙහි ලංකාවේ වසන සෑම අහිගුණ්ඨීක කුලයක්ම ඔහුන්ගේ ගෝත් මුලාශ්රය වන කැකිරාව අසල පිහිටි කච්චදුව නම් ස්ථානයට වසරක් පාසා එක්රැස් වෙති. තම ගෝත්රයේ ප්රශ්න එදින සකාච්ඡා  කරන අතර එහිදි එම ප්රශ්න නිරාකරණය කරනු ලැබේ. මේ සම්මේලනයේදි කුල අතර කෙරෙන ආවාහ විවාහ ගිවිසුම් පිළිබඳවද සාකච්ඡා කරනු ලැබේ. මෙම වාර්ෂික රුස්විම ආගමික වශයෙන්ද වැදගත්ය. පුසාරි තැන යාතිකා පවත්වා දෙවියන්ට පින් දි ආගමික චාරිත් ඉටු කරයි. මෙහිදි සිකුරාදා කරන ආගමික පුජාව විශ්ණු දෙවියන් උදේසා සිඳු කරනු ලැබේ.සෙනසුරා පුජාව සිඳු කරනු ලබන්නේ ස්කන්ධ දෙවියන් වෙනුවෙනි. පත්තින දෙවියන් වෙනුවෙන් පුජා පවත්වනු ලබන්නේ ඉරිදා දිනයේදිය

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...