ගොම්මනේ අව්වේ මදුදහනේ වෙලට උඩින්
පෑවා සිනා මුව දත් පෙළ ටිකිරි කටින්
පාවී ගියා සරුංගලේ ඉපනැල් ලෙන්
අද පාළුව ඉපනැල්ලත් දුකින් ඉතින්
මොළ කැටි සිනා අත් මුදු ගත සොලවා ලා
අම්මාගේ සෙනෙහසට මල් සෙනහස පාලා
සෙල්ලම් වයස වන විට අප අතහැර ලා
යන්නට සිතුවේ ඇයි අපෙ සිත රිදවා ලා
දහසක් පැතුම් ඇති අපෙ මේ දිවි කතරේ
සැම දේ දුකයි සිතුවා ඔබ සංසාරේ
සැබෑ බවද දැන සිටියත් නිරන්තරේ
සිතුවෙත් නෑ ගසයි ඔබ අද ගන්ඨාරේ
කසාවතට නිරතුරු ලස්සන බව ද
ඇත්තයි එය පිළිගනිමි සැම විට මේ මම ද
මලයන්ඩියේ දඟ බව ඔබෙ අඩුද අ ද
තනියෙම සංසාරේ ඔබ තෙර දකිනව ද
ගංතෙර ළඟට වී සිටිනා විටදී
ගංඟාවක් වෙලා අප හට ඔබ සමුදි
නිවන නැමැති මහ මුහුද ට යන මඟදි
අරගෙන යන්න මාවත් මරු වලෙන් මීදි
No comments:
Post a Comment