අධ්‍යාපනය පිළිබඳ සූබ හැඟීම් නැති විට ඇතිවන්නේ අසූබ හැඟීමක්. ඒ හැඟීමත් නිදිමත ඇතිකරන්න හේතුවක් වෙනවා.
ඇනීමියා (ලේනැතිකම) තයිරොයිඩ් ග්‍රන්ථියේ ඌනතා වැනි දේ නිසා මොළයේ ෙසෙලවල ක්‍රියාව දුර්වල වී නිදිමත ඇති වෙන අවස්ථා තිඛෙනවා.
බොහෝ පීඩාකාරී ගැටලු එනම් නිවසේ අර්බූද, කායික රෝග පාසලේදී වයසේ ළමයින්ගෙන් කොන්වීම නිසාත් නිිදිමත කලකැරුණූ ස්වභාවය ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයකට හේතුව සොයාගත යූතු යි.
ළමයාව නිවැරදි මනෝ උපදේශන සේවයකට යොමූ කර බලපාන ප්‍රශ්නය සඳහා විධිමත් නිවැරදි මනෝ උපදේශන සේවයක් ලබා දිය යූතුයි. මෙහිදී විශේෂයෙන් මව්පියන් මතක තබා ගත යූත්තේ දරුවා නිවැරදි මනෝ උපදේශනයක් සඳහා යොමූකිරීමටයි.
සෙම, හිසරදය, මිග්‍රේන් හිසරදය වැනි තත්ත්වයන් නිසාද පාඩම් කිරිමේදී නිදිමත ගතිය ඇති වේ. එවැනි තත්ත්ව හඳුනාගෙන නිවැරදි වෛද්‍ය උපදෙස් සඳහා යොමූ කර රෝග පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දීම කළ යූතුයි.
විෂය අවබෝධ කර ගැනීමට අපහසූ වීමද දරුවාට නිදිමත ගතිය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. මෙවැනි දරුවන් විශාල වශයෙන් සිටී. එය අධ්‍යාපනයට පීඩාකාරී තත්ත්වයකි. එම තත්ත්වය අවබෝධ කර ගනිමින් විෂය පහසූවන ක්‍රම අවබෝධ කර දීමෙන්ද දරුවාට සූබවාදී සිතිවිලි ඇති වී පාඩමට සතුටින් යොමූ වෙයි.
කාල කළමනාකරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොවීම තුළ නිවැරදි නින්දක් රාත්‍රියේදී නොලැබීම තුළින් නිදිමත ගතිය ඇතිවන බව අමූතුවෙන් කිව යූතු නොවේ. එනම් රාත්‍රියේදී කඩින් කඩ අවදි වන දරුවන් මෙම ප්‍රශ්නයට මූහූණ දෙයි.
බොහෝ වැඩිහිටියන් දරුවන්ට උපදෙස් දෙන්නේ පැය 4 නිදාගන්නටයි.
එහෙත් එය නිවැරදි පැය ගණන නොවේ.
නින්ද යනූ ඉගෙන ගන්නා උපක්‍රමයකි. මෙය බොහෝ දෙනා නොදැනීම නිසා ඉගෙන ගන්නා දරුවන්ට ඇතිවන ප්‍රශ්න සූළු පටූ නොවේ.
දරුවෙකු පැය 6 ක නින්දක් ලැබීම ගැඹූරු මතකය එනම් පස් ගුණයකින් මතකය වැඩි කර ගැනීමට හේතු වේ.
එය මතක තබා ගත යූතු කරුණකි. විශේෂයෙන්ම මව්පියන් මතක තබා ගත යූතු කරුණකි. ඇතැම් අයගේ හැඟීම අවදියෙන් සිටීම තුළ වැඩ බොහොමයක් කරන්නට හැකියාවක් ලැඛෙන බවයි.. ඒත් එය එහෙම නෙමෙයි. හැකි තරම් හොඳ නින්දක් ලබා ගැනීම තුළ (පැය 6 ක කාලය) විෂය සරල කර ගැනීම තුළින් මනසේ උපරිම බලය අධ්‍යාපනයටම යොමූ කිරීමට හැකි වේ. කාල කළමනාකාරණය කරන දරුවෙකු නිදි කිරා වැටෙමින් පාඩම් කරන දරුවෙකුට වඩා උසස් ප්‍රතිපල ලබා ගත හැකි බව විවාදයකින් තොරව ප්‍රකාශ කළ හැකි වේ.
ඉගන ගන්නා දරුවන් බොහෝ නිදි නැතිව සිටීම එනම් ඇති තරම් නිදි නොලැබීම දිවා කාලයේදී උගන්වන කරුණූ ධාරණය කර ගැනීමද අපහසූ කරවයි. විෂය ධාරාවට අවධානය යොමූ කිරීම හා අවබෝධ කර ගැනීම දුර්වල වේ. හොඳ තීරණ එනම් නිවැරදි පිළිතුරු සැපීම අඩාල කරයි. විභාගයේදී හොඳ පිළිතුරු දෑන දෑනත් වෙනත් පිළිතුරු ලියන්නේ එවැනි දරුවන්ය.
පාඩම් කරන දරුවාට නිදිමත ඇතිවෙනවා කියන්නේ දරුවාගේ දුර්වලකම නොව දරුවාට දෑනූම ලැබී තිබූණද එය වෙනස් කළ යූතු තැනක සිටිනවා යන්නයි. ලනිවැරදි මාර්ගය පෙන්වා නොදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙසයි.
අප විසඳුම් සෙවිය යූත්තේ අන්න ඒ ප්‍රශ්නයටයි. දරුවාගේ දුර්වලකමට දරුවාගේ සැඟ වී ඇති දක්ෂතා ඉදිරියට ගැනීමටයි.
පාඩමට අලස වීම, නිදිමත ඇතිවීම යන කරුණූවලට මූල සෙවීමටයි.
එසේ නැතිව නිදිමත නිසාවෙන් පාඩම අතපසූ වන දරුවන්ට දොස් නැගීම නොව නිිදිමතට සාධාරණ හේතුව සොයා ගැනීමටයි.
ඇතැම් අවස්ථාවල හේතුවක් නැතිව නිදිමත ඇතිවන අවස්ථාද තිබේ. එය මෝහනය මගින් ඉවත් කර මනසට ඉගෙනීමේ බලය ඇතුළු කිරීම තුළින් දරුවාගේ දක්ෂතා මතු කර ගත හැකි අවස්ථාවන්ද තිබේ.
No comments:
Post a Comment