සසල නිසල වෙමින්
දඟ කරන පහන් සිළුව
පොත් සමඟ පොර බඳින
විඩාබර
මගේ සිත
නිදි බර වු මගේ නෙතු
වෙර දරයි ජය ගන්න
“විභාගය”
සුවහසක් පැතුම් මල්
අනාගතය ගැන මැවු
පරවේද යන සිතින්
විටෙක මට බිය දැනේ
නින්ද,මට අත වනයි
තුරුල් වි සැතපෙන්න
පමාවනු මඳක් නුඹ
රැය පුරා නිදි වරා
හෙට දවස සොයයි
නෙතු
මුතු අකුරු පොත් අතර
No comments:
Post a Comment