Thursday, August 3, 2017

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌


Image result for hand
සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි එකකට එකක්‌ සමාන නොවන්නාසේම එක්‌ එක්‌ අයගේ ඇඟිලි පිහිටි ආකාරය අනුවද එක්‌ එක්‌ අයගේ ගතිගුණ මෙන්ම ජීවන රටාවන්ද විවිධාකාරය.අතේ ඇඟිලි දබරැඟිල්ලේ සිට සුළඟිල්ල දක්‌වා ඇඟිලි හතර පටන් ගන්නා ස්‌ථාන (ඇඟිලි මුල) එක පේළියට හෙවත් එකම මට්‌ටමට තිබීම ශෝභන දැක්‌මක්‌ වගේම එය සමාජයේ උසස්‌ තත්ත්වයකට පත්වන අයගේ අත්ල මත දැකිය හැකි ලක්‍ෂණයකි. බොහෝ අයගේ අත්ලේ මෙම ඇඟිලි ආරම්භ වන කොටස ආරක්‌කුවක හැඩය ගනී. එය අශුභ ලකුණක්‌ නොවූවත් එයින් ඇතිවන සුභඵලයක්‌ද නැත. සමුද්‍ර සෘෂිවරුන් පෙන්වා දෙන පරිදි අතේ ඇඟිලි වනාහි විශ්වයේ ඇති ග්‍රහයන්ගේ චලන ශක්‌තීන් රැස්‌කර ගන්නා ඇන්ටනාවක්‌ බඳුය. අත්ලේ ඇඟිලි පහ ග්‍රහයින් පස්‌ දෙනකුට අයත් වෙයි. ප්‍රධාන ඇඟිල්ල හෙවත් මහපටැඟිල්ල සහ ග්‍රහයන් පස්‌ දෙනෙකු අයත් සිකුරුගේ හා කුජගේ බලයත් දඹරැගිල්ල ගුරු ග්‍රහයාගේ බලයත් මැදඟිල්ල සෙනසුරුගේ හෙවත් ශනිගේ බලයත්, වෙදගිල්ල රවි ග්‍රහයාගේ බලයකුත් සුළැඟිල්ලට බුද ග්‍රහයාගේ බලයත් පෙන්නුම් කරයි. සඳු හෙවත් චන්ද්‍රයාට ඇඟිල්ලක බලයක්‌ නැතත් චන්ද්‍රයා හිරුගේ බලයෙන් දීප්තිය ලැබීමෙන් අන් සියලු ඇඟිලිවලින් මිනිස්‌ සිරුරට එන ශක්‌තීන් අත්ල් චන්ද්‍ර මණ්‌ඩලය තුළ ඇති කරයි. දබරැඟිල්ලේ නිය සහිත පුරුක මේෂ රාශියටද, මැද පුරුක වෘෂභ රාශියටද මුල පුරුක මිථුනයටද, මැදඟිල්ලේ මුදුන් පුරුක මකර යටද, මැද පුරුක කුම්භයටද මුල පුරුක මීනයටද, වෙදඟිල්ලේ මුදුන්පුරුක කටකයටද, දෙවැනි සිංහයටද, මුල පුරුක කන්‍යා රාශියටද, සුළඟිල්ලේ මුදුන් පුරුක තුලාවටද, මැද පුරුක වෘශ්චිකයටද මුල පුරුක ධනු රාශියටද අයත් වේ.ඇඟිලි අතරින් සුවිශේෂ ස්‌ථානයක්‌ මහපටඟිල්ලට හිමිවෙයි. සිකුරු මණ්‌ඩලයෙන් ඇරඹෙන මහපටඇඟිල්ල සිකුරු ග්‍රහයාට අයත් වේ. පහසුවෙන් නොනැමෙන සුළු මහපටැඟිල්ලක්‌ පිහිටීම දැඩි ආත්ම ශක්‌තියක්‌ ඇති කුමන ප්‍රශ්නයක්‌ හමුවේ වුවත් නොසැලෙන අයෙක්‌ පෙන්නුම් කරයි. ඉතා ගෞරවනීය ලෙස ජීවිත ගතකරන අයගේ අත්වල මෙවැනි ආකාරයේ මහපට ඇඟිල්ලක්‌ පිහිටයි.මහපට ඇඟිල්ලේ නිය සහිත පුරුක මැදපුරුකට වඩා දිගුවුවහොත් බුද්ධියට වඩා අධිෂ්ඨානයෙන්, ධෛර්යයෙන් දියුණුව සලසා ගනී. මැද පුරුක නිය සහිත පුරුකකට වඩා දිගු වුවහොත් කාර්යශූර නොවන කුසීන බවක්‌ පෙන්නුම් කරයි. මහපටැඟිල්ලේ අග පුරුද දබරැඟිල්ලේ මුල පුරුකට වඩා දිගුවුවහොත් අධිෂ්ඨාන ශක්‌තියත් තර්ක ශක්‌තියත් මනාව ප්‍රකට කරන අතර මුල පුරුකට වඩා කෙටි වුවහොත් බුද්ධි හීනවේ. මහපටැඟිල්ලේ අග මුදුන දබරැඟිල්ලේ දෙවන පුරුක්‌ ස්‌පර්ෂ වේ නම් හෙතෙම ශිල්ප ශාස්‌ත්‍ර විවිධ කර්මාන්තයන්හි ප්‍රවීණයෙක්‌ වෙයි. මහපටැඟිල්ලේ නිය සහිත පුරුක මැද පුරුකට සමානව දිගු නම් බුද්ධියෙන්, අධිෂ්ඨානයෙන් සමාන බුද්ධිමත් අයෙකු වේ.ගුරු ග්‍රහයාට හිිමි දබරැඟිල්ල ශක්‌තිය, බලය, ධෛර්ය ආදී ගුණයන් ප්‍රකට කරයි. දබරැඟිල්ලේ නිය සහිත පුරුක මනාව වැඩී ඇත්නම් චිත්ත ශක්‌තිය බලය ආධිපත්‍ය්‍ය ආදී ගුණයන් මනාව පිහිටයි. දබරැඟිල්ලේ දෙවන පුරුක හෙවත් මැද පුරුක නිය පුරුකට වඩා මනාව දිගුව වැඩී ඇත්නම් ගෞරවනීය පුද්ගලයකු වේ. දබරැඟිල්ලේ අල්ලට යාව ඇති පුරුක අනෙක්‌ පුරුක්‌ දෙකට වඩා මනාව පිහිටියේ නම් ඉඳුරන් පිනවීමේ ආශාව බලවත් වන අතර ළමුන් අන්‍යයන් අතර කැපී පෙනීමට උත්සාහ කරන අය වෙති.





සෙනසුරු ග්‍රහයාගේ ගුණයක්‌වන ස්‌ථානෝචිත බව, ඉවසීම, චිත්ත ශක්‌තිය ආදී ලක්‌ෂණ මැදඟිල්ල තුළින් මූර්තිමත් කෙරේ. එමෙන්ම එම අයගේ ඥානය, අධ්‍යාපනය, ආගම, දහම කෙරෙහි ඇති විශ්වාසය දක්‌වන්නේ ද මැදැඟිල්ලෙනි. එම ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක අනිත් පුරුක්‌ දෙකට වඩා දිගින් වැඩිනම් හෙතෙම තද මසුරුකමින් යුතු අයෙක්‌ විය හැක. එසේම ඊර්ෂ්‍යාවෙන්, කුහකකමෙන් පිරුණු අයෙකු ද වෙයි. සාමුද්‍රික ශාස්‌ත්‍රයට අනුව දෙවැනි පුරුක අනික්‌ පුරුක්‌ දෙකට වඩා දිග නම් එය සුභදායකය. එබඳු අයට වැවිලි කර්මාන්ත වගා කටයුතු හා සත්ත්ව පාලන කටයුතුවලින් දියුණු විය හැක. මැද පුරුකේ කොඩියක ලකුණක්‌ පිහිටා ඇතිවිට හදිසි ධන ලාභ ලැඛෙන බවද සඳහන්ය. මැදඇඟිල්ලේ සෘජුව විහිදුන රේඛාවක්‌ දර්ශනය වේ නම් හේ හැමවිටම ජයග්‍රහණ ලබයි.





වෙදැඟිල්ල තුලින් විචාර බුද්ධිය කලාකාමිත්වය, ජයග්‍රහණය කරුණාව, ගෞරවය ආදී ගුණාංග සංකේතවත් කරයි. වෙදැඟිල්ල දබරැඟිල්ල තරමටම දිගු වුවහොත් අධික ආශා ඇත්තෙකු වෙයි. හදිසි ධන ලාභ, ලොතරැයි ආදියෙන් ජය ගැනීමට උනන්දුවක්‌ දක්‌වන අයෙකුද එමගින් පෙන්නුම් කරයි. වෙදැඟිල්ල මැදඟිල්ල තරමටම දික්‌වුවහොත් කලබලකාරී පැවතුම් නිසා තම ජීවිතය අවුල්කර ගත්තෙක්‌ වෙයි. ඉක්‌මන්කාරී බව නිසාම බොහෝ දේ නැති කරගනී. මෙම ඇඟිල්ල කෙටිනම් කලාකාමී අදහස්‌ නොමැති උදාසීන බවක්‌ ප්‍රකට කරයි. මෙම ඇඟිල්ලේ දෙවන පුරුක අනෙක්‌ පුරුක්‌ දෙකට වඩා දිගු නම් මූර්ති ශිල්පය, කැටයම් කලාව බතික්‌ කලාව ආදියෙහි දක්‌ෂතාවක්‌ පෙන්නම් කෙරේ. වෙදැඟිල්ල කෙටිවීම සුබ නොවන අතර එමගින් ආත්මාර්ථකාමී කුහක පුද්ගලයකු හඳුන්වා දෙයි.



සුළැඟිල්ලේ හැඩරුව හා පිහිටීම අනුව යමෙකුගේ ප්‍රකෘති ස්‌වභාවය, චිත්ත ශක්‌තිය, ක්‍ෂණික කෝපය, කථාවෙහි දක්‌ෂතාවය, උද්‍යෝගය ආදී කරුණු විනිශ්චය කළ හැකි වේ. සුළැඟිල්ල වෙදැඟිල්ලේ නිය සහිත පුරුක ඉක්‌මයැම ඉතා සුබ ලක්‌ෂණයකි. දික්‌වූද, මනාව වැඩි නොවූ සුළැඟිල්ලක්‌ ඇත්නම් හෙතෙම ධනවතෙක්‌ බවට පත්වේ. දක්‌ෂ ලේඛකයෙක්‌, කතිකයෙක්‌ හෝ දියුණු ව්‍යාපාරිකයකු විය හැකිය. සුළැඟිල්ල කෙටි වූයේ නම් උපායශීලී නොවන කථාවෙහිද දක්‌ෂතාවයක්‌ නොපෙන්වයි. මානසිකත්වයද දුර්වලය. සුළැඟිල්ලේ නිය සහිත පුරුක දික්‌ව මනා ලෙස වැඩී තිබීම ක්‍රියාශීලී බව පෙන්වයි. නිතර කාර්යන්හි යෙදෙන ඔවුන් නිකරුනේ කාලය ගතකරන්නෙකු නොවේ. චතුර ලෙස කතා කිරීමේ දක්‌ෂතා ඇති ඔවුන් අසන්නන්, වසඟකිරීමෙහි සමත් වන්නකු වෙයි. සුළැඟිල්ල වෙදැඟිල්ල තරමටම දික්‌වුවහොත් දාර්ශනිකයෙක්‌ හෝ ප්‍රඥාවන්තයෙක්‌ වේ. අතෙහි වෙනත් ලක්‍ෂණ අශුභ නම් ප්‍රයෝගකාරයෙක්‌ විය හැක. 

පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?

Image result for study






අධ්‍යාපනය පිළිබඳ සූබ හැඟීම් නැති විට ඇතිවන්නේ අසූබ හැඟීමක්. ඒ හැඟීමත් නිදිමත ඇතිකරන්න හේතුවක් වෙනවා.

ඇනීමියා (ලේනැතිකම) තයිරොයිඩ් ග්‍රන්ථියේ ඌනතා වැනි දේ නිසා මොළයේ ෙසෙලවල ක්‍රියාව දුර්වල වී නිදිමත ඇති වෙන අවස්ථා තිඛෙනවා.

බොහෝ පීඩාකාරී ගැටලු එනම් නිවසේ අර්බූද, කායික රෝග පාසලේදී වයසේ ළමයින්ගෙන් කොන්වීම නිසාත් නිිදිමත කලකැරුණූ ස්වභාවය ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයකට හේතුව සොයාගත යූතු යි.

ළමයාව නිවැරදි මනෝ උපදේශන සේවයකට යොමූ කර බලපාන ප්‍රශ්නය සඳහා විධිමත් නිවැරදි මනෝ උපදේශන සේවයක් ලබා දිය යූතුයි. මෙහිදී විශේෂයෙන් මව්පියන් මතක තබා ගත යූත්තේ දරුවා නිවැරදි මනෝ උපදේශනයක් සඳහා යොමූකිරීමටයි.

සෙම, හිසරදය, මිග්‍රේන් හිසරදය වැනි තත්ත්වයන් නිසාද පාඩම් කිරිමේදී නිදිමත ගතිය ඇති වේ. එවැනි තත්ත්ව හඳුනාගෙන නිවැරදි වෛද්‍ය උපදෙස් සඳහා යොමූ කර රෝග පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දීම කළ යූතුයි.

විෂය අවබෝධ කර ගැනීමට අපහසූ වීමද දරුවාට නිදිමත ගතිය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. මෙවැනි දරුවන් විශාල වශයෙන් සිටී. එය අධ්‍යාපනයට පීඩාකාරී තත්ත්වයකි. එම තත්ත්වය අවබෝධ කර ගනිමින් විෂය පහසූවන ක්‍රම අවබෝධ කර දීමෙන්ද දරුවාට සූබවාදී සිතිවිලි ඇති වී පාඩමට සතුටින් යොමූ වෙයි.

කාල කළමනාකරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොවීම තුළ නිවැරදි නින්දක් රාත්‍රියේදී නොලැබීම තුළින් නිදිමත ගතිය ඇතිවන බව අමූතුවෙන් කිව යූතු නොවේ. එනම් රාත්‍රියේදී කඩින් කඩ අවදි වන දරුවන් මෙම ප්‍රශ්නයට මූහූණ දෙයි.

බොහෝ වැඩිහිටියන් දරුවන්ට උපදෙස් දෙන්නේ පැය 4 නිදාගන්නටයි.

එහෙත් එය නිවැරදි පැය ගණන නොවේ.

නින්ද යනූ ඉගෙන ගන්නා උපක්‍රමයකි. මෙය බොහෝ දෙනා නොදැනීම නිසා ඉගෙන ගන්නා දරුවන්ට ඇතිවන ප්‍රශ්න සූළු පටූ නොවේ.

දරුවෙකු පැය 6 ක නින්දක් ලැබීම ගැඹූරු මතකය එනම් පස් ගුණයකින් මතකය වැඩි කර ගැනීමට හේතු වේ.

එය මතක තබා ගත යූතු කරුණකි. විශේෂයෙන්ම මව්පියන් මතක තබා ගත යූතු කරුණකි. ඇතැම් අයගේ හැඟීම අවදියෙන් සිටීම තුළ වැඩ බොහොමයක් කරන්නට හැකියාවක් ලැඛෙන බවයි.. ඒත් එය එහෙම නෙමෙයි. හැකි තරම් හොඳ නින්දක් ලබා ගැනීම තුළ (පැය 6 ක කාලය) විෂය සරල කර ගැනීම තුළින් මනසේ උපරිම බලය අධ්‍යාපනයටම යොමූ කිරීමට හැකි වේ. කාල කළමනාකාරණය කරන දරුවෙකු නිදි කිරා වැටෙමින් පාඩම් කරන දරුවෙකුට වඩා උසස් ප්‍රතිපල ලබා ගත හැකි බව විවාදයකින් තොරව ප්‍රකාශ කළ හැකි වේ.

ඉගන ගන්නා දරුවන් බොහෝ නිදි නැතිව සිටීම එනම් ඇති තරම් නිදි නොලැබීම දිවා කාලයේදී උගන්වන කරුණූ ධාරණය කර ගැනීමද අපහසූ කරවයි. විෂය ධාරාවට අවධානය යොමූ කිරීම හා අවබෝධ කර ගැනීම දුර්වල වේ. හොඳ තීරණ එනම් නිවැරදි පිළිතුරු සැපීම අඩාල කරයි. විභාගයේදී හොඳ පිළිතුරු දෑන දෑනත් වෙනත් පිළිතුරු ලියන්නේ එවැනි දරුවන්ය.

පාඩම් කරන දරුවාට නිදිමත ඇතිවෙනවා කියන්නේ දරුවාගේ දුර්වලකම නොව දරුවාට දෑනූම ලැබී තිබූණද එය වෙනස් කළ යූතු තැනක සිටිනවා යන්නයි. ලනිවැරදි මාර්ගය පෙන්වා නොදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙසයි.

අප විසඳුම් සෙවිය යූත්තේ අන්න ඒ ප්‍රශ්නයටයි. දරුවාගේ දුර්වලකමට දරුවාගේ සැඟ වී ඇති දක්ෂතා ඉදිරියට ගැනීමටයි.

පාඩමට අලස වීම, නිදිමත ඇතිවීම යන කරුණූවලට මූල සෙවීමටයි.

එසේ නැතිව නිදිමත නිසාවෙන් පාඩම අතපසූ වන දරුවන්ට දොස් නැගීම නොව නිිදිමතට සාධාරණ හේතුව සොයා ගැනීමටයි.

ඇතැම් අවස්ථාවල හේතුවක් නැතිව නිදිමත ඇතිවන අවස්ථාද තිබේ. එය මෝහනය මගින් ඉවත් කර මනසට ඉගෙනීමේ බලය ඇතුළු කිරීම තුළින් දරුවාගේ දක්ෂතා මතු කර ගත හැකි අවස්ථාවන්ද තිබේ. 

මහා වාස්‌තු ශිල්පයට අනුව නිවසේ පූජාසනය සකස්‌ කරගන්න (උ ගැ)


Image result for pahana



මහා වාස්‌තු ශිල්පය ලෝකයාගේ යහපත පිණිස ලොවට දායාද කළේ් ශ්‍රී විෂ්ණු දෙවියන් බව ඔබ දැනටමත් දන්නවා. මහා වාස්‌තු ශිල්පය අනුරාධපුර යුගයෙන් පසුව අතුරුදන් වූ අතර එය ඉතා රහසිගත ලෙස භාවිත කිරීම පසු කාලවලදී දක්‌නට ලැබුණා. අනුරාධපුර යුගයෙන් පසුව බිහි වූ සෑම බලගතු රජකෙනෙක්‌ පසු පසම මහා වාස්‌තු රහස්‌ තිබූ බව කිව යුතුයි. වසර දහස්‌ ගණනක්‌ පුරා ලෝකයේ අප්‍රසිද්ධව භාවිත කළ මහාවාස්‌තු ශිල්පයේ සිද්ධාන්ත ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ලබා දෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් මේ ශ්‍රී ලංකා ද්වීපයත් බුදු සසුන ආරක්‍ෂා කරන බැවිනි. දෙවියන්ගේ අධිපති වූ ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පින් අනුමෝදන් කොට ඔබටත් මහා වාස්‌තු ශිල්පයේ පිහිට ලබා ගැනීමට අවැසි ඔබගේ නිවසේ පූජාසනය සකස්‌ කර ගන්නා පිලිවෙල කියා දීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වේ.

ශ්‍රී ලංකාද්වීපයට වඩාත් බලවත් වන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් බව ඔබ දන්නවා. අනෙකුත් සියලු දෙවියන්් ශ්‍රී විෂ්ණු දෙවියන් විෂයෙහි නමස්‌කාර කරන බව මතක තබා ගන්න. බුදුරාජාණන් වහන්සේ විසින් සම්බුද්ධ සාසනයත් ශ්‍රී ලාංකා ද්වීපයත් අරක්‍ෂා කිරීම පිණිස ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාරදුන්නේ එබැවිනි. ශ්‍රී ලාංකියන් වන අප සැවොම කුමන ජාතියක කුමන ආගමක වුවද ශ්‍රී විෂ්ණු දෙවියන්ට ගෞරවයෙන් වන්දනා කළ යුත්තේ එබැවිනි. ඔබගේ නිවසට විශ්වයේ ශක්‌තිය බලවත්ව ලබා ගැනීම උදෙසා ඔබ මහා වාස්‌තු ශිල්පයේ සඳහන් ආකාරයට නිවසේ පූජාසනය සකස්‌ කළ යුතු වෙනවා. එවිට ඔබගේ ගෘහයට විෂ්ණු දෙවියන්ගේ ආකාර්ශනය ලැබී දේව ශක්‌තීන්ගෙන් උද්දීපනය වනු ඇත. මේ නිසා නිවසේ සෑම තැනම යහපත් විශ්ව තරංග බලවත් වී වාස්‌තු දෝෂ සමනය වීම සිදුවෙනවා.

නිවසේ පූජාසනය සඳහා තැන තෝරාගන්න

මහා වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ නිවසේ පූජාසනය සකස්‌ කළ යුත්තේ ඉතාමත් පිරිසිදු සහ ඉතාමත් ගෞරවාන්විත ස්‌ථානයේ බව සඳහන් වෙනවා. ඒ අනුව පහත සඳහන් ස්‌ථානයන් ඒ සඳහා සුදුසු වෙනවා.

 නිවසේ ඊශාන කොටස

 නිවෙස්‌ උතුරු කොටස

 නිවසේ නැගෙනහිර කොටස

නිවසේ බ්‍රහ්ම පාදය

ඉහත සඳහන් කළ කොටස්‌ තුළ ඔබගේ පූජාසනය සකස්‌ කර ගත හැකිනම් ඉතාමත් යහපත් වෙනවා. එහි දී නිවසේ පූජාසනය සකස්‌ කිරීම සඳහා වෙන්කළ කාමරයක්‌ හෝ සාලයේ නිදහස්‌ පරිශ්‍රයක්‌ තිබීම වැදගත් වෙනවා. ඔබගේ නිවස දෙමහල් නිවසක්‌ නම් උඩුමහලය පෑගෙන සේ යට මාලයේ පූජාසනය සකස්‌ කරන්න එපා. එසේම වැසිකිලි බිත්තියට, මුළුතැන්ගෙයි බිත්තියට මෙන්ම උළුවහු උඩට, පඩිපෙළේ් යටට, හෝ පඩිපෙළ පරිශ්‍රය තුළ මෙන්ම ගරාජය ඒ සඳහා තෝරා ගැනීම බලවත් වැරැද්දකි. මීට අමතරව කුඩා කණුවල සකස්‌ කළ පූජාසන නිවසින් පිට තියන්න එපා. නිවසින් පිට ඔබ පූජාසනයක්‌ පිළිියෙළ කරනවානම් එය නිසි පරි ම සිදුකළ යුතුයි. මෙහි දී නියමිත ශාවේ, නියමිත උසට, නියමිත පලලට, නිවසේ සිට නියමිත දුරකින් හා නියමිත කෝණයෙන් පූජාසනය ඉ කිරීම කල යුතු අතර එසේ නොවුන විට පූජාසනයේ යහපත් ප්‍රතිඵල නැති වී යනවා.

පූජාසනය සකස්‌ විය යුතු පිළිිවෙළ

ඔබගේ නිවසේ පූජාසනය සඳහා තැන තෝරාගත් පසුව පූජාසනය මහා වාස්‌තු ශිල්පයට අනුව සකස්‌ කර ගත යුතු වෙනවා. එහි දී පූජාසනයේ ස්‌ථර තුනක්‌ සකස්‌ කිරීම සඳහන්ව පවතිනවා. එම ස්‌ථර තුන පහත පරි හඳුනා ගනිමු.

 බුද්ධ ස්‌ථරය (බුද්ධ)

රහතුන් සහ මහා දේව ස්‌ථරය (බ්‍රහ්ම)

දේව ස්‌ථරය (දේව)

ඉහත සඳහන් කළ ආකාරයට ඔබගේ පූජාසනයේ ස්‌ථර තුන පිළිවෙලට සකස්‌ කර ගන්න. ඔබ සෑම විටම පූජාසනයේ ඉහළම ස්‌ථරය ඔබගේ ශාස්‌තෘන් වහන්සේට ලබා ය යුතුයි. මීළඟ ස්‌ථරය රහතුන් වහන්සේලාට සහ මහ දෙවියන් උදෙසා ලබා ය යුතු අතර තුන්වන ස්‌ථරය අනෙකුත් දේව මණ්‌ඩල සඳහා ලබා ය යුතුයි. මෙම ස්‌ථරය තවත් ආකාරයකට හැඳින්විය හැකි අතර එය බුද්ධ ස්‌ථරය, බ්‍රහ්ම ස්‌ථරය සහ දේව ස්‌ථරය වශයෙන් මහා වාස්‌තු වල සඳහන්ව තිඛෙනවා. ඔබගේ නිවසේ පූජාසනය මෙසේ සකස්‌ කළ හැකිනම් ඔබට විශ්වයේ ශක්‌ති උපරිම වශයෙන් ලබා ගැනීමට හැකියාව ලැඛෙනු ඇත.

පූජාසනයේ ප්‍රතිමා තැන්පත් කරන පිළිවෙල දැනගන්න.

ඔබගේ පූජාසනයේ ස්‌ථාන සහ ස්‌ථර හඳුනාගත් පසුව එහි ප්‍රතිමා තැන්පත් කිරීම සිදුකරනු ලබන්නේ බුද්ධකාලයේ බුද්ධ, ධම්සභා මණ්‌ඩපයේ රැස්‌ව සිටි ආකාරය අනුව විය යුතුයි. එහි දී සෑම විටම පළමු ස්‌ථරයේ සාස්‌තෘන් වහන්සේගේ පිළිමය තැන්පත් කළ යුතු අතර දෙවන ස්‌ථරයේ එනම් බ්‍රහ්ම ස්‌ථරයේ බුදුන්වහන්සේට වම් පසින් රහතුන් වහන්සේලාගේ පිලිම (සැරයුත්, මුගලන්, සීවලී) තැන්පත් කළ යුතු අතර දකුණු පසින් මහා විෂ්ණු දෙවියන්ගේ පිලිමය තැන්පත් කළ යුතු වෙනවා. තුන්වන ස්‌ථරයේ පිලිම තැන්පත් කිරීමටත් අවශ්‍ය නොවන අතර එම ස්‌ථරයේ ඕනෑම දෙවිකෙනකුට වැඩ සිටීමට ආරාධනා කළ හැකි වෙනවා.

මහා වාස්‌තු පූජාසනය

දෙවිවරුන් බුදුරාජාණන් වහන්සේට වන්දනා කොට එකත් පසව දකුණු පසින් වැඩ හිටි බව සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඔබගේ නිවසේ පූජාසනය දකින විට අතීත බුද්ධ මණ්‌ඩපය පිහිටන ලෙස සකස්‌ කළ යුතු අතර දෙවිවරු එවිට වඩාත් සතුටට පත් වනු ඇත. ඔබගේ පූජාසනයේ පළමු තැන බුදුන්ට හිමි විය යුතු අතර ඉන්පසුව ශ්‍රී විෂ්ණු දෙවියන්ට සහ රහතන් වහන්සේලාට වෙන් විය යුතු වේ. මීට අමතරව පූජාසනයේ පිලිම තබන ශාව ඉතා වැදගත් විය යුතු වෙනවා. ඔබගේ පූජාසනයේ පිලිම තැන්පත් කළ යුත්තේ ඊශානට, උතුරට හෝ නැගෙනහිර ශාව බලා වන්දනා කළ හැකි පරි වේ. මීට අමතරව පුජාසනය මත එක පහනක්‌ පමණක්‌ දැල් විය යුතු අතර දැල්ල ප්‍රතිමාවේ ශාවට හරවා තැබීම කළ යුතුයි. මල් පූජාවේ දී සුදුපාට සහ නිල්පාට මල් පූජා කල හැකි නම් වඩාත් බලවත්වන බව මහා වාස්‌තු වල සඳහන් වෙනවා. නිසි පරි බුදුන් වැඳ පූජාවන් සිදුකොට විෂ්ණු දෙවියන් ඇතුළු ව්‍ය මණ්‌ඩල වලට සහ ඔබගේ ඉටු දෙවියන් උදෙසා සෑම විටම පින් අනුමෝදන් කිරීමෙන් ඔබගේ ගෘහයේ සියලු වාස්‌තු දෝෂ දුර්වල වී විශ්ව ශක්‌ති බලවත් වන අතර ශ්‍රි විෂ්ණු දෙවියන්ගේ ව්‍ය නෙත් ඔබගේ ගෘහයටත් ආලෝකය ලබා දෙනු ඇත. 

දන්ත වෛද්‍යවරයා ලගට නොගොස් දත්වල මැලියම් ඉවත් කරගන්නේ කෙසේද?

Image result for teeth


දන්ත වෛද්‍යවරයා සැමවිටම මැලියම් ඉවත් කිරීම ඉතා හොදින් සිදුකරයිගකෙසේ වෙතත් නිවසේදීම මැලියම් ඉවත් කරගත හැකි ස්වාභාවික වට්ටෝරු විශාල ප්‍රමාණයක් ඇත.

1 වන වට්ටෝරුව

අවශ්‍ය ද්‍රව්‍ය
වොල්නට් පොතු ග්‍රෑම් 30 මෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක.
ජලය

සැකසීම

වොල්නට් පොතු භාජනයකට දම ජලය එකතු කර ලිප මත තබා මිනිත්තු 15ක් පමණ තම්බා ගන්න. මිශ්‍රනයගෙන දත් බුරුසුවේ ආධාරයෙන් මිනිත්තු 5 ක් පමණ හොදින් දත් මැද ගන්නග පසුව සෝදා හරින්න.
මෙම ක්‍රමය උදේල දවල් සහ රාත්‍රියට නැවත නැවත සිදු කරන්න.

3 වන වට්ටෝරුව
ඇපල් සයිඩර් විනාකිරි ථමෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක- දත් මැලියම් ඉවත් කිරීමට යොදා ගත හැක. නමුත් සැලකිය යුතුයි. මෙය සිදුකලයුත්තේ සතියකට 1 වරක් පමණකිග.ඔබගේ දත් බුරුසුව ඇපල් සයිඩර් විනාකිරි වලින් පොගවා හොදින් දත් මැද ගන්න. ඉතාමත් හොදින් ඔබේ කට ජලයෙන් සෝදා හරින්න. නැතහොත් දත් වල එනමලයට හානි විය හැක.

Tuesday, August 1, 2017

රුවන්වැලි මහ සෑයේ සැගවුණු රහස් මෙන්න..

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත.

රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ. එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇතග එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත.

රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී. එම ගල් ස්ථරය මත ගඩොල්දල ගඩොල් මත රළු බදාමදල රළු බදාමය මත තිරුවාණදලතිරුවාණ මත යකඩ ජාලයක්දල යකඩ ජාලය මත සුවඳැති මැටිදලසුවඳැති මැට්ට මත සුදු පාෂාණදල සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදියල අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවාල ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී. එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.


මෙසේ සෑයේ අඩි තාලම සාදවාල සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාවල මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි.

මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකිග දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.

දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේග මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් දල රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී දල තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් දල උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ දල පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්.


රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහග ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය ර්‍ණ යි වදාළ සේකග බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ.

දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි. ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇතග පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි.

පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ලල දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි.
මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ  බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.

ඩෙංගු රෝගියාට දිය යුතු හොඳම දේ මෙන්න, මේ දේවල් ඔබ දැනගත යුතුමයි.


Related image
                         




 ඩෙංගු කියන්නෙ මේ වෙද්දි මුළු රට පුරාම පැවත යන වසංගත තත්වයක්. මේ වෙද්දි කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම රොහල්වල ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. ඩෙංගු රෝග තත්වයේදී රෝගීන්ට ලබා දෙන ආහාර ගැනනම් ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනග අද අපි ඔබට කියන්න යන්නෙ ඒ ගැන සහ තවත් ඔබ දැනගත යුතුම කරුනු කිහිපයක්.

දිවයින පුරා වසංගත රෝගයක් ලෙස මේ වනවිට පැතිර ඇති ඩෙංගු රෝගය නිසා ගත වී ඇති මාස හයක කාලය තුළ වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 82ල543කි. මේ අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් පාසල් දරුවන් දෙදෙනකු ඇතුළු 230 දෙනෙකු ඉකුත් මාස හය තුළ මිය ගොස් තිබේ.

රට පුරාම මෙම ඩෙංගු උණ රෝගය තවදුරටත් තදින් පැතිරයමින් පවතින අතර කොළඹ, ගම්පහ, මාතර, කළුතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල මෙම රෝගය විශේෂයෙන්ම පැතිර යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. මේ අනුව මෙම ඩෙංගු රෝගය මාරාන්තික රෝගයකි. මේ නිසාම ඉකුත් කාලය පුරාවටම ඩෙංගු රෝගය කෙරෙහි සියලු දෙනාගේම අවධානය යොමු වී තිබුණ අතර ඩෙංගු උණ රෝගය පතුරවන මදුරුවන් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු රජයේ විවිධ ආයතන එක්ව නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නොයෙක් උපක්‍රම යෙදූහග එහෙත් ඩෙංගු උණ රෝගය පැතිර යාමේ අවදානම එතරම් අඩු වූ බවක් නම් පෙනෙන්නට නැතග අද සමහර රජයේ රෝහල්වල වාට්ටු ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී පවතී. සමහර රෝහල්වල උණ රෝගීන් සඳහා වෙනම වාට්ටු විවෘත කර ඇතග තවත් සමහර රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීම නවතා දමා ඇත.

බටහිර වෛද්‍ය විද්‍යාඥයන් පවසන අන්දමට මෙම ඩෙංගු රෝගය අසාදනය කරනු ලබන වෛරසයට මෙතෙක් කිසිදු ඖෂධයක් සොයාගෙන නැත. එහෙත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම යටෙත් මේ වනවිට මෙම මාරාන්තික ඩෙංගු වෛරසය සඳහා ඖෂධයක් සොයාගෙන තිබේග ඒ මීට වසර ගණනාවකට පෙරය. මෙරට පාරම්පරික වෙද පවුලකින් පැවත එන වෛද්‍යවරියක් වූ ආයුර්වේද වෛද්‍ය ආචාර්්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය මෙම ඩෙංගු රෝගයට සාර්ථක ඖෂධයක් සොයාගෙන ඇත්තේ 2009 වසරේදීයග එහෙත් මෙම වෛද්‍යවරිය පිළිබඳව හෝ ඇය සොයාගනු ලැබූ මෙම ෙද්ශීය ඖෂධය ගැන හෝ නිසි ඇගයීමක් ලබාදීමට තවමත් මෙරට සෞඛ්‍ය බලධාරීන් පියවරක් ගත් බවක් නම් පෙනෙන්නට නැත.

ඇයගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනපතා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දිනකට දෙසීය ඉක්මවා යන බව වාර්තා වේ. අප මේ ලිපිය සකස් කිරීම සඳහා ඇය හමුවීමට ගිය දිනයේ රාත්‍රී 7.30 වනවිටත් සංඝයා වහන්සේලා ඇතුළු රෝගීන් තිහක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබීම ඊට හොඳම නිදසුනකි. දකුණේ පාරම්පරික වෙද පවුලක සාමාජිකාවක් වූ ඇය සිදුකළ අත්හදා බැලීම්වලින් සහ දක්ෂ සර්ප විෂ වෛද්‍යවරයෙකු වූ ඇගේ පියා සමඟ කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් මත ඇය බොරැල්ල ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද උපාධි අපේක්ෂිකාවක්ව සිටියදීම ලොව බරපතළ ගණයේ වෛරසයක් වූ ඩෙංගු වෛරසය මැඩලීමට මෙම ඖෂධය නිපදවීමට සමත් වී තිබේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරන්නටත් පෙරම ඇය මෙම ඖෂධය සොයාගනු ලැබූවද මේ සොයාගැනීම කුහකත්වයෙන් තොරව පිළිගෙන ඊට නිසි වටිනාකමක් ලබාදීමට එදා කිසිදු බලධාරියෙකු කටයුතු කර නැත. එහෙත් තරංගා එම උත්සාහය අත්නොහැර ඉදිරියටම ගියාය.එහි ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේද සභාවේ නියමයන්ට අනුකූලව ඩෙංගු රෝගයට ඔෟෂධයක් සොයාගනු ලැබූ බවට පිළිගෙන ආයුර්වේද සභාව විසින් 2012 දෙසැම්බර් මස 05 වැනිදා ඇයට සහතික පත්‍රයක් පිරිනමා ඇත. ඒ වනවිට ඇය සිය සොයාගැනීමේ නීතිමය අයිතිය සඳහා පේටන්ට් බලපත්‍රයද ලබාගෙන ඇත.

වෛද්‍ය තරංගා වික්‍රමසූරිය මහත්මිය සොයාගත් මේ ඖෂධය මඟින් මේ වන විට ඩෙංගු රෝගීන් පනස් දහසකට අධික ප්‍රමාණයක් සුවපත් කර තිබේග මේ වන විටත් දිනපතාම ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අනුව මෙම ඖෂධය සඳහා රෝගීන් ඇති ඉල්ලුම පෙනෙන්නට තිබේ. එහෙත් පුදුමය නම් ඩෙංගු රෝගය සුව කිරීම සඳහා සියලු නෛතික තත්ත්වයන් සම්පූර්ණ කර ඇති මෙම ඖෂධය සඳහා බලධාරීන්ගේ නිසි ඇගයීමක් නොලැබ තිබීමයග ජනාධිපති සම්මාන ඇතුළු නොයෙකුත් සම්මානල ප්‍රශංසා ඇයට ලැබී ඇතත් ඩෙංගු රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට මෙම ඔෟෂධය ලබාදී ඔවුන් සුවපත් කිරීමට හා රෝගීන් මරණයෙන් මුදවා ගැනීමට තවමත් බලධාරීන්ගේ අවධානය යොමු වී නැත.

හෙළ වෙදකමෙන් ඩෙංගු රෝගයට පිළියම්

රෝගය කියන්නේ මොන වගේ දෙයක්දර?

ඩෙංගු කියන්නේ රුධිර පට්ටිකා අඩුවන එකම නෙමෙයිග එය එක රෝග ලක්ෂණයක් පමණයි. ඩෙංගු වෛරසයෙන් හානි කරන්නේ වකුගඩුවලට හා අක්මාවටයිග අපි කළ යුත්තේ පළමුවෙන්ම රෝගියාගේ වකුගඩු හා අක්මාව ආරක්ෂා කරගැනීමයිග මෙහිදී පොටෑසියම් බහුල ආහාරල ප්‍රෝටීන් බහුල ආහාර මෙන්ම ඇල්කොහොල් බහුල ආහාර දීමෙන් වැළකිය යුතුයි. සමහරුන්ගේ මතයක් තිබෙනවා කොළ පාට ඇපල් වගේ දේවල් ඩෙංගු රෝගීන්ට සුදුසුයි කියලා. ඇපල්වල 10්ක් ඇල්කොහොල් තිබෙනවා ඇල්කොහොල් අධික ආහාරවලින් රෝගියා ඈත් කළ යුතුයි. මා දෙනු ලබන්නේ ඩෙංගුවලට නිශ්චිත ඖෂධයක්. වකුගඩු ආබාධ අඩු කරලා මුත්‍රා කිරීම පහසුකරලා අක්මාව සාමාන්‍ය තත්ත්වයට ඇවිත් රුධිර පට්ටිකා ඉහළ යාමක් මේ මගින් සිදුවෙනවා. සුදු රුධිරානු  ඉහළ යාමකුයි සිදුවන්නේ, ඩෙංගු වෛරස් විනාශ වුණාට පසුවයි හොඳට මුත්‍රා පිටවෙන්නේග මේ ඔෟෂධය රෝග නිධානයට දෙන ඔෟෂධයක් නිසා මදුරුවා රෝග ලක්ෂණ කොච්චර වෙනස් කළත් මේ බෙහෙතින් ඩෙංගු රෝගය විනාශ වෙනවා. සමහරු මේ රෝගීන්ට පොළොස් තම්බල වතුර දෙන බව දැනගන්නට තිබෙ. එහෙම දෙන්න එපා එහෙම දුන්නාම වෙන්නේ රුධිරය ඉහළ යන එකයි, එයින් ෙරා්ගී තත්ත්වය තවත් වැඩිවෙනවා. සමහරු ගස්ලබු කොළ යුෂ දෙන බව දැනගන්නට තිබෙනවාග ගස්ලබු කොළ යුෂ දුන්නම රුධිර පට්ටිකා කැටි ගැසෙනවා. ඒ නිසා ඒවා රුධිර නාලිකාවල සිරවීමෙන් රෝගියා අංශභාග තත්ත්වයට පත්විය හැකියි.

ප්‍රතිශක්තිය අඩුවනවිට හෘද ස්පන්දනය වැඩි වෙනවා. එයට හේතුව අක්මාවෙන් හෘද වස්තුවට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය නොලැබීමයි. ඩෙංගු රෝගියෙකුට දියයුතු හොඳම දෙය පිරිසිදු වතුරයි. සුදු ළුෑණුල අබල,ඉඟුරු, විනාකිරි, තෙල්, මස්, මාළු බිත්තර ඩෙංගු රෝගීන්ට ඉතාම අහිතකර ආහාරයි. අධික අම්ල සහිත පලතුරු හා එළවළු හොඳ නැහැ. අන්නාසිල කෙසෙල්ල තැබිලි වතුරල අඹල පැපොල්ල තක්කාලිල බිම්මල්ල මල්ගෝවා ආදී ආහාර වර්ග මෙන්ම ඇපල් ජූස්ල සිරප් වර්ග මෙන්ම කෘතිම රසකාරක අඩංගු ආහාරපාන නොදිය යුතුයි. දෙළුම් යුෂ, පේර යුෂ, පැණි කොමඩු  වැනි දේ හොඳයි.

ගස්ලබු ගසේ කොටස් මේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන බව බොහෝ දෙනා පවසනවා. මේ අදහස අද ඉතාම ගැටලුකාරී තත්ත්වයක් වී තිබෙනවා.  ගස්ලබු ගසේ කොටස්වලින් හදපු බෙහෙත් දීල සමහර රෝගීන් ජීවිතක්ෂයට පත්වූ අවස්ථාත් අසන්නට ලැබෙනවා. ඩෙංගු රෝගය උත්සන්න වුණාට පස්සේ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවීමට පමණක් ඖෂධ දීලා හරියන්නේ නැහැ. මේ රෝගය උත්සන්න වුණාම රෝගියාගේ වකුගඩු හා පෙනහලුවලටත් ඒකේ බලපෑම් ඇති වෙනවා. ඒ නිසා ඩෙංගුවලට ප්‍රතිකාර ලබාදීමේදී මේ හැම තත්ත්වයක් ගැනම සිතා බැලිය යුතුයි. අත්වැරැද්දක් වුණොත් වටිනා මිනිස් ජීවිතයකුයි නැති වෙන්නේ. ඒ නිසා ඩෙංගු රෝගියෙකුට මොන ප්‍රතිකාරයක් කළත් එයට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය තිබේද යන්න සොයා බැලීම රෝගීන්ගේ වගේම ජනතාවගේත් වගකීමක්. ඒ නිසා තමයි රෝගියාගේ රුධිර සාම්පල පරීක්ෂා කරල ඒ වාර්තා මත රෝගියා ඒ වෙනකොට ඉන්න තත්ත්වය මත ප්‍රතිකාර ලබා දෙන්නේ. 

Friday, July 21, 2017

තෙල් මිරිස් වැඩිපූර ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටීස්වලට හේතු වෙනවාද?.(උ ගැ)

Image result for gastric


ගැස්ට්‍රයිටීස් කියන විට මෙහිදී නිවැරදි වචනය පවසන්නට ඕන, බොහෝ මිනිසූන් පූරුදු වී තිඛෙන්නේ ගෑස්ටික් යනූවෙන් පැවසීමටයි. ගෑස්ට්‍රික් කියලා රෝගයක් නැහැ. ගැස්ට්‍රයිටීස් කියන රෝගයයි නිවැරදි වන්නේ.

මෙය අද වනවිට බොහෝ අයට තිඛෙන රෝගී තත්ත්වයක් විදිහට පෙන්වා දීමට හැකියිග දේශීය ආයූර්වේදයේ දී මෙම රෝගයට අම්ල පිත්ත රෝගයල යනූවෙන් හඳුන්වනවා.  එසේ හඳුන්වන්නේ අප සිරුරේ ආමාශය තුළ පිත සහ කප නාශක ගුණය ඇති හෙයිනි. පිත නිසා දාහය ඇතිවී දෑවිල්ල ඇතිවෙනවා සේම කප ගුණය තිබීමෙන් මේ තත්ත්වය සිසිල් කිරීමේ ගුණය ඇති වෙනවා. හරියටම හිරු හා සඳු වගේ තමයිග හිරුගේ රශ්මියෙන් හා පරිසරය දැවෙනවා වාගේ අප සිරුරේ පවතින ආමාශ ඉනද්‍රිය තුළ පිත වැඩි වූ විට දෑවිල්ල හටගන්නා අතර කප තිබීමෙන් සිසිල් වෙනවා. මෙන්න මේ කියන පිත හා කප තත්ත්වයන් අප සිරුර තුළ සමාන අයූරින් ක්‍රියා කළ යූතුයිග එසේ නොවී පිත කපට වඩා වැඩිවීමෙන් ආමාශයේ දෑවිල්ල ඇතිවීම නිරායාසයෙන්ම සිදුවෙනවා.

නිවැරදි ලෙස හා සරලව පවසනවා නම් අප ගන්නා ආහාර ජීර්ණය කරවීම සඳහා අවශ්‍ය කරන පිත් ශ්‍රාවයන් හා ආම්ලික ශ්‍රාවයන් ආමාශයේ පවතිනවා. එම ශ්‍රාවයන්වලට ආමාශයේ යූෂ කියලත් අප හඳුන්වනූ ලබනවා. ඇතැම් අවස්ථාවලදී මේ පවතින ශ්‍රාවයන් වැඩි වශයෙන් ඇතිවීමේ ඉඩ ප්‍රස්ථාව තිඛෙන්නට පූළුවන්. එම අවස්ථාවන්වලදී මෙම ශ්‍රාවයන් නිකුත් වී ආමාශයේ තුවාල ඇතිවීමට පූළුවන්ග මේ තත්ත්වය තමයි අප අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් කියලා පවසන්නේ.

ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය ඇතිවන්නට බලපාන හේතු මොනවාදර?

මෙම රෝගී තත්ත්වයට බොහොමයක් හේතු සාධක බලපානවා. එක කාරණාවක් තමයි ආයූර්වේදයේ හඳුන්වන අගුණ ආහාර වර්ග වන තීකෂණල උෂ්ණල කටූකල විදානි යන ආහාර ගත් විට මේ රෝගය ඇතිවෙනවා. ඒ කියන්නේ තෙල්ල අධික මිරිස් බැදුම් ආහාරල ඉස්සන් දෑල්ලන්ල කකුළුවන් ආදී සැර මත්ස්‍ය ආහාර හා අන්නාසි, තක්කාලි, දෙහි, අච්චාරු ආදී ඇසිඩ් අඩංගු ආහාර වර්ග වැඩි වශයෙන් ගැනීමෙන් මේ තත්ත්වය ඇතිවෙනවා.

තවද අප ආහාර වේල ගනූ ලබන්නේ අවිවේකී ලෙසයි. නියමිත වේලාවට ආහාර නොගෙන අධික ලෙස තෙල්ල මිරිස්ල බැදුම් යොදා සකස් කරන කෂණික ආහාර ගැනීමට පූරුදු වී සිටින නිසාත් මෙම තත්ත්වය ඇතිවෙනවා. උදාහරණයක් විදිහට ෆ්‍රයිඩ් රයිස්, බූරියානි, ඉස්සන් වැනි ආහාර මිලදී ගෙන ආහාරය ගැනීමට පූරුදු වී සිටීග මෙලෙස නිරාහාරව සිට තෙල් ආදී ආහාර ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් ඇතිවීමට පූළුවන්. ආහාරවලින්ම පමණක් නොවේල මානසික හේතු ඇතිවීමෙන් හා විවිධ ඖෂධ භාවිතය නිසා ද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට පූළුවන්.

මෙය අද වනවිට ලොකු අයට වගේම කුඩා දරුවන්ටද ඇතිවී තිඛෙන රෝගී තත්ත්වයක් බව පැවසීමට පූළුවන්. මෙම තත්ත්වය දරුවන්ට ඇති වී තිඛෙන්නේ දෙමව්පියන්ගේම වරදිනිග දරුවන්ට නියමිත වේලාවට පෝෂණ ගුණයෙන් යූතු ආහාර ගැනීම පූරුදු නොකර ඔවූන්ව කෂණික ආහාර ලබාදීමට හූරු කිරීම නිසයි. ඒ වගේම උදැසන ආහාර වේල ඉතාමත් වැදගත් බවත් මතක තබා ගන්නග රාත්‍රී ආහාර වේලෙන් පසූ උදැසන අවදිවන තුරු අප නිරාහාරව සිටින නිසා උදැසන ආහාරය ඉතා අවශ්‍යයිග එයින් මේ රෝගී තත්ත්වය මඟහරවා ගැනීමට හැකිවෙනවා.

අම්ල පිත්ත රෝගය ඇතිවීමේදී එය අවස්ථා දෙකකදී සිදුවිය හැකියි. ආහාර ආමාශයට ගිය විට ඇති වන දැවිල්ල එය අප ලඅන්නත් ද්‍රව ශූලල යනූවෙන් හඳුන්වනවාග මෙය බටහිර වෛද්‍යවරුන් පවසන්නේ ලගැස්ට්‍රික් අල්සර්ල යනූවෙනිග මෙයින් සිදුවන්නේ ආහාර නොගෙන සිටීමට පූරුදු වී සිටින අතර ඔවූන්ගේ සිරුර කෙසඟවීම සිදුවෙනවාග මෙහි ඇතිවන දෙවන අවස්ථාව වන්නේ ආහාර ගෙන පැය කිහිපයකදී :ආහාර පරිණතඃවීමේදී*ඇතිවන වේදනාවග එම වේදනාව ඇතිවන්නේ ග්‍රහණිය ආශ්‍රිතවයිග මෙය ලඩියෝඩිනල් අල්සර්ල යනූවෙන් හඳුන්වනවාග මෙම රෝගී තත්ත්වය තිඛෙන අය නිතරම ආහාර ගැනීමට පූරුදු වී සිටියිග එයින් ඔවූන් තරබාරු වීම නිරායාසයෙන්ම සිදුවෙනවා දකින්නට පූළුවන්.

අම්ල පිත්ත රෝගීන් ගතයූතු ප්‍රතිකාර මොනවාදර?

මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට නම් පිත සමනය වන ඖෂධ ලබාගත යූතුයිග කිරි ආහාර ගුණ ලබා දුන්නද පමණට වඩා ආහාර ගැනීමෙන් විවිධ රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බවත් මතක තබා ගත යූතුය.

ආයූර්වේදයට අනූව නිවසේ කළ හැකි ප්‍රතිකාර වන්නේ උදැසන අවදි වූ විගස හිස්බඩ කෝමාරිකා මදය ගෙන සීනි සමඟ ආහාරයට ගැනීමයිග එමෙන්ම මූංඇටල සව්ල බාර්ලි, කොමඩූල, පිපිඤ්ඤා ආදී සිරුර සිසිල් කරවන ආහාර ගැනීම වඩා ගුණදායක වේග ඔබ මේ සඳහා ප්‍රතිකාර නියමිත පරිදි ලබා ගන්නේ නම් පලපූරුදු වෛද්‍යවරයෙකු යටතේ ප්‍රතිකාර ලබාගත යූතුයග අම්ල පිත්ත රෝගී තත්ත්වය සූව කරගත හැකි රෝගී තත්ත්වයක් වන අතර මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට ඔබ විසින් ෆයි එස් 5ී සංකල්පය අනූගමනය කළ යූතුය.

ස්පිරිටි වර්ග භාවිතය අවම කිරීම. (මධ්‍යසාරල බෝතල් බීම වයින් ආදිය)

 දුම්පානය අත් හැරීම.

 අධික ආහාර ගැනීමෙන් වැළකීම.

 කුළුබඩූ වර්ගවලින් ඈත්වීම.

 ආතතිය අවම කිරීම.

මේ සංකල්පය අනූගමනය කිරීමෙන් ඔබට ගැස්ට්‍රයිටීස් රෝගයෙන් මිදීමට හැකියාව තිඛෙනවා.

මිග්‍රේන් රෝගයට නිටිටාවට ප්‍රතිකාර නැතිද?.(උ ගැ)

Image result for sick

හිසරදය මනූෂ්‍යයන්ගේ සිතට වද දෙන පීඩාකාරී වැඩකිරීමට නොහැකි වටිනා කාලය කා දමන රෝග ලක්ෂණයකිග වයස් භේදයකින් තොරව පන්ති භේදයකින් තොරව හැදෙන ඉවසා ගැනීමට නොහැකි මෙම රෝගය එනම් හිසරදය (මිග්‍රේන්) ලෙස හැඳින්විය හැකිය. සියලූම හිසරද වර්ග අතරින් වේදනාකාරී ලෙස අල්ලා සිටින හිසරදයක් ලෙස බොහෝ දෙනා දන්නා කරුණකිග එම වේදනාව දරා සිටීමට ඉතාම අමාරුයග මෙම තත්ත්වයට ගොදුරු වී පවූල් ජීවිත පවා අවූල් කරගත් අය අප අතර නැතිවා නොවේ.

මෙම මිග්‍රේන් රෝගය එනම් හිසරදය වරින්වර පවතින තත්ත්වයකිග හිසේ පැත්තක හෝ ඉදිරිපසින් හෝ හිස දෙපැත්තෙන් වරින්වර මාරුවෙන් මාරුවට වේදනාව හට ගනීග යමෙකුට මෙය වටහා ගැනීමට තරම් අමාරු තත්ත්වයක් වන්නේ වේදනාව ඉතාම අධික නිසායග නමූත් එම මිග්‍රේන් රෝගයෙන් පෙළෙන අයෙක් ආශ්‍රය කිරීමෙන් දෑකීමෙන් විඳින වේදනාව කෙතරම්ද කියා දෑනගෙන අවබෝධ කර ගැනීම අපහසූ නොවනූ ඇත.

සාමාන්‍යයෙන් ඇතිවන ලක්ෂණ ලෙස ඇස් ඉදිරියෙන් කලා මැදිරි යන්නාක් මෙන් පෙනෙයිග දෙඇස් විවර කිරීමට අපහසූ ගතිය ඇස් විවර කර ගෙන සිටින විට දිලිසෙන තාරකා වැනි දෙයක් පෙනීම ඔලුවට හිරි ගතියක් දෑනීම ක්‍රමයෙන් ඇස් අඳුරු වී යළිත් පෙනීම ඔලුවට ඉතාම බර ගතියක් ඇතිවීම ඇතැම් අවස්ථා වල රෝග ලක්ෂණ පහළ නොවීම හිසේ තද වේදනාවත් සමග හදවතේ ගැස්මක් වමනය ඇතිවීම ශබ්ද ඔරොත්තු නොදෙන ස්වභාවය මිග්‍රේන් නිසා ඇතිවන තවත් ලක්ෂණයන්ය.

දරුණූ ලෙස මිග්‍රේන් තත්ත්වයට පත් වූ රෝගියෙකු ඉතාම ප්‍රිය කරන්නේ අඳුරු තැනකට වී නිදා ගැනීමටයිග දවසක් හෝ 2 ක් හිස එක පැත්තකින් පටන් ගන්නා මිග්‍රේන් පැය කීපයකට හෝ දවසකට සීමාවේ හිස මැදින් සහ හිස දෙපැත්තෙන් පටන් ගන්නා මිග්‍රේන් නැමති හිසරදය දින 1 ක් 2 ක් හෝ 3 ක් කියාද කිව නොහැකි තත්ත්වයකි.

රෝගියාට බලපාන පීඩනය මත එය වෙනස් වේග ඇත්ත වශයෙන්ම මෙයට ක්ෂණිකව කළ හැකි දේ වන්නේ වේදනා නාශක ඖෂධ ගැනීමයිග චීනකටූ ප්‍රතිකාර මගින් මාස තුන හතරක නියමිත ප්‍රතිකාර ලබා ගැනීමෙන් කිසිම දිනක ඖෂධ පාවිච්යක් අවශ්‍ය නොවී මිග්‍රේන් සූව වන අයූරු චීන කටූ වෛද්‍ය ක්‍රමය තුළ සටහන් වී තිබේ.

අතුරු ආබාධවලින් තොරව චීනකටූ ප්‍රතිකාර මගින් සම්පූර්ණ සූවය ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

මිග්‍රේන් රෝගයට බොහෝ විට ගොදුරු වන්නේ තමාගේ පසූබිමේ ඇති දුක්බර කරදරල තමන් අකැමැති දෙයක් කිරීමල සිතට දෑනෙන පීඩනය හේතු කොට ගෙන යග මෙම මිග්‍රේන් රෝගයට විශේෂ පරීක්ෂණ නොමැතග නමූත් අධික හිසේ රෝගී තත්ත්වයක් දෑනෙනවා නම් ස්කෑන් පරීක්ෂණය බැලීමෙන් කුමන රෝගයක් දෑයි නිගමනයට එළඹිය හැක.

ලස්‌සන වෙන්න.(උ ගැ)

Image result for beutiful girl

ලස්‌සන වෙන්න නිවසේදී සාදාගත හැකි පැක්‌ වර්ග බොහොමයක්‌ තිඛෙනවා.

හැබැයි ඉතින් පැක්‌ එකක්‌ නිවසේදී හදා ගන්නවා කියන එක හිතන තරම් පහසු දෙයක්‌ නෙමෙයි. ඒ සඳහා කාලයක්‌ අවශ්‍යයයි. නිවැරදි අමුද්‍රව්‍ය තිබිය යුතු අතරල එම අමුද්‍රව්‍ය නිවැරදි පිළිවෙලට භාවිත කළ යුතුයි.

වෙනිවැල්ගැට කුඩු පැක්‌ එක වගේමල පලතුරු වර්ගත් පැක්‌ එකක්‌ ලෙසට භාවිත කළ හැකියි.

හැබැයි මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු වන්නේ කුමන පැක්‌ එක භාවිතා කළ දල එය සියයට සීයයක්‌ම වියළෙන තුරු මුහුණේ නොතැබීමටයි.

ඔබ ආලේප කළ පැක්‌ එක වියළීමට ප්‍රථම සෝදා ඉවත් කර ගත යුතුයිගළරැචඝ ළචඝහැබැයි ඉතින් නිවසේදී ඔබ භාවිත කරන පැක්‌ එකෙන් හරියටම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැග ඒත්ගග යම් සහනදායක පිළිතුරක්‌ ලබා ගත හැකියි.

ඒකට හේතුව ස්‌වභාවික ද්‍රව්‍ය තුළ හොඳින් උරා ගැනීමේ ශක්‌තිය නොමැති නිසාගළරැචඝ ළචඝකොපමණ ස්‌වභාවිකල ශාක සාර දෙයක වුණත් එය කල් පවත්වා ගැනීම වැනි දෙයට අනුමත දේ භාවිත කරනවා.

අන්න එවැනි දේ අසාද්මික වන අයට නම් ස්‌වභාවික පැක්‌ එකක්‌ ඉතාම හොඳයි.

කිරි හට්‌ටියේ යොදය ඉතාම හොඳ පැක්‌ එකක්‌ග එය මුහුණේ ආලේප කිරීමෙන් වියළි සමේ එම තත්ත්වය පාලනය කර ගත හැකියි.

මිංචි කොළ ටිකක්‌ දැමූ වතුර භාජනය ලිප තබා එය උතුරන විට පිටවන වාෂ්පය මුහුණට ඇල්ලීම සුදුසු වන්නේ තෙල් සහිත සමක්‌ ඇති අයට සහ කුරුලෑ සහිත සමක්‌ ඇති අයටයි.

අලි ගැට පේරවල පොත්ත හරියට වන ඇතුලු කොටස සූරාගෙනල එය සමේ ආලේපයෙන් වියළි සමේ වියළි බව මගහරවා ගත හැකියි.

කඩල පිටි ජලයෙන් මිශ්‍ර කර පැක්‌ එකක්‌ ලෙසට ආලේප කරන්නේ සාමාන්‍ය සමක්‌ සහ වියළි සමක්‌ ඇති විටයි.

ස්‌භාවික දෙය නිවැරදිව සමට උරා ගැනීමට නම් හොඳ ෆෙස්‌ මසාඡ් ජෙල් එකක්‌ තෝරා ගෙන ඒ සමග ස්‌භාවික දේ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තිබේ.

එවිට ආලේපයේ ඇති දේ හොඳින් මුහුනට උරා ගන්නා අතරල ඒ මගින් විටමින්මුහුණට ලැබීමක්‌ ද සිදුවේ.

රාබු යුෂවලට පිපිඤ්ඤා යුෂ ටිකක්‌ මිශ්‍ර කර එයටම අර්තාපල් යුෂ මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා මිශ්‍රණය ෆෙෂ් මසාඡ් ජෙල් ටිකක්‌ මිශ්‍ර කර මුහුණේ ආලේප කර මුහුණ වේලෙන්නට පෙර සෝදා ඉවත් කිරීමෙන් මුහුණේ අවර්ණ වූ ස්‌ථානවලට සුදුසු වන අතරල මෙම පැක්‌ එක වඩාත් සුදුසු වන්නේ ඇස්‌ යට කළු ගතිය ම`ග හරවා ගැනීමටයි.

සිහින්ව කපා ගත් පිපිඤ්ඤා පෙති දෙකක්‌ දෑස්‌ මත තබාගෙන සිටීමදල දෑසට සුවයක්‌ ලැඛෙන අතරල බාහිරින් දෑසෙහි නිරෝගීමත් පෙනුමට එය යම් පිටිවහලක්‌ වනු ඇත.

Saturday, July 8, 2017

පුදුම හිතෙන කරුණු ටිකක්

Image result for surprise


මිනිසෙක් ඇස් වලින් කදුළු එනකොට පළමු කදුළු වැටෙන්නේ දකුණු ඇසෙන් නම් ඒ සතුට නිසා, වමෙන් නම්  ඒ දුක නිසා.


මිනිස් ශරිරයේ ශක්තිමත්ම මස් පිඩුව වන්නේ දිව බව ඔබ දන්නවද?



සිංහයන් දිනකට පනස් වරක් පමණ ධේනුව සමග සංවාසයේ යෙදෙනවා.



දිවි මකුලුවෙක්ට පුළුවන් අවුරුදු දෙකක් යනකම් කිසිම දෙයක් නොකා ජිවත් වෙන්න.



බලු මැක්කෙක්ට පුලුවන් තම ශරීරයේ දිග මෙන් 350 ගුණයක් දුරට  පනින්නග ඒ පැනිල්ල හරියට මිනිහෙක් පාපන්දු ක්‍රීඩාංගනයක එහා කොනේ ඉදන් මෙහා කොනට පැන්නා වගේ වැඩක්.


පැස්බරෙකුගේ එක් ඇසක් උගේ මොලේට වඩා ලොකුයි.



ඩොල්ෆින් මාළු නිදා ගන්නේ එක ඇසක් ඇරගෙන.



අලියා තමයි උඩ පනින්න බැරි එකම ක්ෂීරපායි සතා.



කොකා කෝලා  කෘතීම වර්ණක යෙදීමට පෙර කොල පාටයි.



මී පැණි තමයි ලෝකේ දැනට හොයා ගෙන තියෙන කවදාවත් නරක වෙන්නේ නැති එකම ආහාරයග ඊජිප්තුවේ පාරාවෝ කියන රජවරුන්ගේ සොහොන් ගැබ් වල ඒ කාලේ තැන්පත් කරලා තිබූන මී  පැණි අදටත් ආහාරයට ගන්න පුළුවන්.



දිනකදී රෝහල් වලදී අලුත උපන් දරුවන් 12 දෙනෙක් වැරදි මව්පියන් වෙත මාරු වී යනවා.



ලියනාඩෝ ඩාවින්සිට එක් අතකින් ලියන ගමන් අනිත් අතින් චිත්‍ර අදින්න පුලුවන්ග තවද කතුර ලෝකෙට හදුන්වා දුන්නේ ඔහු විසින්.



මිනිසුන් භාවිතා කරන උපත් පාලන පෙති ගොරිල්ලන්ටත් හොදින් වැඩ කරනවා.



මී ජෝඩුවකට පුළුවන් මාස 18ක් ඇතුලත ඔවුන්ගේ දරු මුනුබුරු පරම්පරාව මිලියනකට වඩා වැඩි කරන්න.



අවූරුදු හතරක ළමයෙක් සාමාන්‍යයෙන් දිනකට ප්‍රශ්න 400ක් පමණ අසනවා.



සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරය තුල ජිවත් වන බැක්ටීරියා වල බර රාත්තල් 2-9 අතර අගයක් ගන්නවා.



පෘථිවිය මත ජිවත් වන සියලු කුඹින්ගේ බර පෘථිවිය මත ජිවත් වන සියලු මිනිසුන්ගේ බරට වඩා වැඩියි.



ඔබ ඉපදෙන විට ඔබේ ඇගේ අස්ථි 300ක් තිඛෙන අතර ඔබ වැඩිහිටියෙකු වූ පසු එය 206 ක් වෙනවා



කවදාවත් ඇස් දෙක අරගෙන කිබුහුමක් අරින්න බෑග පුලුවන් නම් ට්‍රයි එකක් දෙන්නකෝග හැබැයි මේක කරන්න ගිහිල්ලා ඇස් ගෙඩි දෙක එලියට පැන්නොත් විශ්ම ලෝකය වග කියන්නේ නෑ හොදේ



මී පැණි රාත්තලක් නිෂ්පාදනය කිරීම සදහා එක් මී මැස්සෙක්ට මල් ලක්ෂ 20කින් රොන් ගන්න වෙනවා



ඇගිලි සලකුණු වගේම හැම මිනිසෙකුගේම දිවවල් වලද එකී නෙකාට වෙනස්  අනන්‍යතාවයක් ගැබ් වී තිනවා



ලෝක ජනගහනයෙන් 11 වමත් කරුවන්



තාරාවන්ගේ හද කිසිම පරිසර තත්වයක් තුල දෝංකාර දෙන්නේ නෑග තාම එකට හේතුව හොයා ගෙනත් නෑ



ගැහුණු කැන්ගරුවන්ට යෝනි 3ක් තියෙනවා



මේ ලිපිය කියවපු අයගෙන් 90්ක් ම තමුන්ගේ වැලමිට දිවෙන් ලෙව කන්න ට්‍රයි කරලා තියෙනවා

Sunday, July 2, 2017

කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

Image result for avocado



මෙම පලතුර එක් වාරයකදී පමණක් ඵල හටගන්නා නිසා ඇලිගැට පේර ගෙඩියක් දැක්කහම ඔබගේ සිතට නැගෙන්නේ එහි රස බැලීමට නේද?

අලිගැට පේර පලතුරක් ලෙස ආහාරයට ගන්නවා මෙන්ම එය ඉතා රසවත් පානයක් ලෙසත් සකස් කරගත හැකි බව ඔබ නිසැකයෙන්ම දන්නවා.

එහෙත් මං මේ ලිපියෙන් අවධාරණය කරන්නේ එහි තිඛෙන ගුණය පිළිබඳවයි.

අලිගැට පේර පළතුරක් වශයෙන් ඉතා ජනප්‍රිය මෙන්ම මෙය ලංකාවේ කදුකර ප්‍රදේශවල බහූලව වැඩෙනවාග මෙය ඉංග්‍රීසි ව්‍යවහාරයේ බටර් ෆෘටි නමින් හඳුන්වන්නේ මාංසල කොටස හොඳින් ඉදුණූ විට බටර් මෙන් තලපයක් සේ තිඛෙන නිසාවෙනි.


මෙම පලතුර අගොස්තු සැප්තැම්බර් කාල තුළදී ඵල දරනවාග පිෂ්ඨයල මේදල පදාර්ථවලින් අනූන වන අතර විටමින් ඒ සහ ඩී පදාර්ථයන්ගෙන්ද අලිගැට පේර ගුණයෙන් පොහොසත්ය.


උෂ්ණ හා සීත ගුණ නොමැති මෙම පලතුර බර පලතුරකිග දිරවීමට අපහසූය.


කෙසඟ සිරුර ස්ථූල :මහත්* කරවන ගුණයද අලි පේරවලට හිමිය.


අපගේ සිරුරෙහි ස්නායූ පද්ධතිය ක්‍රියාකාරිත්වයට මහඟු සේවයක් ඉටූකරයි.

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...