Tuesday, August 1, 2017

ඩෙංගු රෝගියාට දිය යුතු හොඳම දේ මෙන්න, මේ දේවල් ඔබ දැනගත යුතුමයි.


Related image
                         




 ඩෙංගු කියන්නෙ මේ වෙද්දි මුළු රට පුරාම පැවත යන වසංගත තත්වයක්. මේ වෙද්දි කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම රොහල්වල ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. ඩෙංගු රෝග තත්වයේදී රෝගීන්ට ලබා දෙන ආහාර ගැනනම් ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනග අද අපි ඔබට කියන්න යන්නෙ ඒ ගැන සහ තවත් ඔබ දැනගත යුතුම කරුනු කිහිපයක්.

දිවයින පුරා වසංගත රෝගයක් ලෙස මේ වනවිට පැතිර ඇති ඩෙංගු රෝගය නිසා ගත වී ඇති මාස හයක කාලය තුළ වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 82ල543කි. මේ අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් පාසල් දරුවන් දෙදෙනකු ඇතුළු 230 දෙනෙකු ඉකුත් මාස හය තුළ මිය ගොස් තිබේ.

රට පුරාම මෙම ඩෙංගු උණ රෝගය තවදුරටත් තදින් පැතිරයමින් පවතින අතර කොළඹ, ගම්පහ, මාතර, කළුතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල මෙම රෝගය විශේෂයෙන්ම පැතිර යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. මේ අනුව මෙම ඩෙංගු රෝගය මාරාන්තික රෝගයකි. මේ නිසාම ඉකුත් කාලය පුරාවටම ඩෙංගු රෝගය කෙරෙහි සියලු දෙනාගේම අවධානය යොමු වී තිබුණ අතර ඩෙංගු උණ රෝගය පතුරවන මදුරුවන් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු රජයේ විවිධ ආයතන එක්ව නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නොයෙක් උපක්‍රම යෙදූහග එහෙත් ඩෙංගු උණ රෝගය පැතිර යාමේ අවදානම එතරම් අඩු වූ බවක් නම් පෙනෙන්නට නැතග අද සමහර රජයේ රෝහල්වල වාට්ටු ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී පවතී. සමහර රෝහල්වල උණ රෝගීන් සඳහා වෙනම වාට්ටු විවෘත කර ඇතග තවත් සමහර රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීම නවතා දමා ඇත.

බටහිර වෛද්‍ය විද්‍යාඥයන් පවසන අන්දමට මෙම ඩෙංගු රෝගය අසාදනය කරනු ලබන වෛරසයට මෙතෙක් කිසිදු ඖෂධයක් සොයාගෙන නැත. එහෙත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම යටෙත් මේ වනවිට මෙම මාරාන්තික ඩෙංගු වෛරසය සඳහා ඖෂධයක් සොයාගෙන තිබේග ඒ මීට වසර ගණනාවකට පෙරය. මෙරට පාරම්පරික වෙද පවුලකින් පැවත එන වෛද්‍යවරියක් වූ ආයුර්වේද වෛද්‍ය ආචාර්්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය මෙම ඩෙංගු රෝගයට සාර්ථක ඖෂධයක් සොයාගෙන ඇත්තේ 2009 වසරේදීයග එහෙත් මෙම වෛද්‍යවරිය පිළිබඳව හෝ ඇය සොයාගනු ලැබූ මෙම ෙද්ශීය ඖෂධය ගැන හෝ නිසි ඇගයීමක් ලබාදීමට තවමත් මෙරට සෞඛ්‍ය බලධාරීන් පියවරක් ගත් බවක් නම් පෙනෙන්නට නැත.

ඇයගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනපතා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දිනකට දෙසීය ඉක්මවා යන බව වාර්තා වේ. අප මේ ලිපිය සකස් කිරීම සඳහා ඇය හමුවීමට ගිය දිනයේ රාත්‍රී 7.30 වනවිටත් සංඝයා වහන්සේලා ඇතුළු රෝගීන් තිහක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ තිබීම ඊට හොඳම නිදසුනකි. දකුණේ පාරම්පරික වෙද පවුලක සාමාජිකාවක් වූ ඇය සිදුකළ අත්හදා බැලීම්වලින් සහ දක්ෂ සර්ප විෂ වෛද්‍යවරයෙකු වූ ඇගේ පියා සමඟ කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් මත ඇය බොරැල්ල ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද උපාධි අපේක්ෂිකාවක්ව සිටියදීම ලොව බරපතළ ගණයේ වෛරසයක් වූ ඩෙංගු වෛරසය මැඩලීමට මෙම ඖෂධය නිපදවීමට සමත් වී තිබේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරන්නටත් පෙරම ඇය මෙම ඖෂධය සොයාගනු ලැබූවද මේ සොයාගැනීම කුහකත්වයෙන් තොරව පිළිගෙන ඊට නිසි වටිනාකමක් ලබාදීමට එදා කිසිදු බලධාරියෙකු කටයුතු කර නැත. එහෙත් තරංගා එම උත්සාහය අත්නොහැර ඉදිරියටම ගියාය.එහි ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේද සභාවේ නියමයන්ට අනුකූලව ඩෙංගු රෝගයට ඔෟෂධයක් සොයාගනු ලැබූ බවට පිළිගෙන ආයුර්වේද සභාව විසින් 2012 දෙසැම්බර් මස 05 වැනිදා ඇයට සහතික පත්‍රයක් පිරිනමා ඇත. ඒ වනවිට ඇය සිය සොයාගැනීමේ නීතිමය අයිතිය සඳහා පේටන්ට් බලපත්‍රයද ලබාගෙන ඇත.

වෛද්‍ය තරංගා වික්‍රමසූරිය මහත්මිය සොයාගත් මේ ඖෂධය මඟින් මේ වන විට ඩෙංගු රෝගීන් පනස් දහසකට අධික ප්‍රමාණයක් සුවපත් කර තිබේග මේ වන විටත් දිනපතාම ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අනුව මෙම ඖෂධය සඳහා රෝගීන් ඇති ඉල්ලුම පෙනෙන්නට තිබේ. එහෙත් පුදුමය නම් ඩෙංගු රෝගය සුව කිරීම සඳහා සියලු නෛතික තත්ත්වයන් සම්පූර්ණ කර ඇති මෙම ඖෂධය සඳහා බලධාරීන්ගේ නිසි ඇගයීමක් නොලැබ තිබීමයග ජනාධිපති සම්මාන ඇතුළු නොයෙකුත් සම්මානල ප්‍රශංසා ඇයට ලැබී ඇතත් ඩෙංගු රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට මෙම ඔෟෂධය ලබාදී ඔවුන් සුවපත් කිරීමට හා රෝගීන් මරණයෙන් මුදවා ගැනීමට තවමත් බලධාරීන්ගේ අවධානය යොමු වී නැත.

හෙළ වෙදකමෙන් ඩෙංගු රෝගයට පිළියම්

රෝගය කියන්නේ මොන වගේ දෙයක්දර?

ඩෙංගු කියන්නේ රුධිර පට්ටිකා අඩුවන එකම නෙමෙයිග එය එක රෝග ලක්ෂණයක් පමණයි. ඩෙංගු වෛරසයෙන් හානි කරන්නේ වකුගඩුවලට හා අක්මාවටයිග අපි කළ යුත්තේ පළමුවෙන්ම රෝගියාගේ වකුගඩු හා අක්මාව ආරක්ෂා කරගැනීමයිග මෙහිදී පොටෑසියම් බහුල ආහාරල ප්‍රෝටීන් බහුල ආහාර මෙන්ම ඇල්කොහොල් බහුල ආහාර දීමෙන් වැළකිය යුතුයි. සමහරුන්ගේ මතයක් තිබෙනවා කොළ පාට ඇපල් වගේ දේවල් ඩෙංගු රෝගීන්ට සුදුසුයි කියලා. ඇපල්වල 10්ක් ඇල්කොහොල් තිබෙනවා ඇල්කොහොල් අධික ආහාරවලින් රෝගියා ඈත් කළ යුතුයි. මා දෙනු ලබන්නේ ඩෙංගුවලට නිශ්චිත ඖෂධයක්. වකුගඩු ආබාධ අඩු කරලා මුත්‍රා කිරීම පහසුකරලා අක්මාව සාමාන්‍ය තත්ත්වයට ඇවිත් රුධිර පට්ටිකා ඉහළ යාමක් මේ මගින් සිදුවෙනවා. සුදු රුධිරානු  ඉහළ යාමකුයි සිදුවන්නේ, ඩෙංගු වෛරස් විනාශ වුණාට පසුවයි හොඳට මුත්‍රා පිටවෙන්නේග මේ ඔෟෂධය රෝග නිධානයට දෙන ඔෟෂධයක් නිසා මදුරුවා රෝග ලක්ෂණ කොච්චර වෙනස් කළත් මේ බෙහෙතින් ඩෙංගු රෝගය විනාශ වෙනවා. සමහරු මේ රෝගීන්ට පොළොස් තම්බල වතුර දෙන බව දැනගන්නට තිබෙ. එහෙම දෙන්න එපා එහෙම දුන්නාම වෙන්නේ රුධිරය ඉහළ යන එකයි, එයින් ෙරා්ගී තත්ත්වය තවත් වැඩිවෙනවා. සමහරු ගස්ලබු කොළ යුෂ දෙන බව දැනගන්නට තිබෙනවාග ගස්ලබු කොළ යුෂ දුන්නම රුධිර පට්ටිකා කැටි ගැසෙනවා. ඒ නිසා ඒවා රුධිර නාලිකාවල සිරවීමෙන් රෝගියා අංශභාග තත්ත්වයට පත්විය හැකියි.

ප්‍රතිශක්තිය අඩුවනවිට හෘද ස්පන්දනය වැඩි වෙනවා. එයට හේතුව අක්මාවෙන් හෘද වස්තුවට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය නොලැබීමයි. ඩෙංගු රෝගියෙකුට දියයුතු හොඳම දෙය පිරිසිදු වතුරයි. සුදු ළුෑණුල අබල,ඉඟුරු, විනාකිරි, තෙල්, මස්, මාළු බිත්තර ඩෙංගු රෝගීන්ට ඉතාම අහිතකර ආහාරයි. අධික අම්ල සහිත පලතුරු හා එළවළු හොඳ නැහැ. අන්නාසිල කෙසෙල්ල තැබිලි වතුරල අඹල පැපොල්ල තක්කාලිල බිම්මල්ල මල්ගෝවා ආදී ආහාර වර්ග මෙන්ම ඇපල් ජූස්ල සිරප් වර්ග මෙන්ම කෘතිම රසකාරක අඩංගු ආහාරපාන නොදිය යුතුයි. දෙළුම් යුෂ, පේර යුෂ, පැණි කොමඩු  වැනි දේ හොඳයි.

ගස්ලබු ගසේ කොටස් මේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන බව බොහෝ දෙනා පවසනවා. මේ අදහස අද ඉතාම ගැටලුකාරී තත්ත්වයක් වී තිබෙනවා.  ගස්ලබු ගසේ කොටස්වලින් හදපු බෙහෙත් දීල සමහර රෝගීන් ජීවිතක්ෂයට පත්වූ අවස්ථාත් අසන්නට ලැබෙනවා. ඩෙංගු රෝගය උත්සන්න වුණාට පස්සේ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවීමට පමණක් ඖෂධ දීලා හරියන්නේ නැහැ. මේ රෝගය උත්සන්න වුණාම රෝගියාගේ වකුගඩු හා පෙනහලුවලටත් ඒකේ බලපෑම් ඇති වෙනවා. ඒ නිසා ඩෙංගුවලට ප්‍රතිකාර ලබාදීමේදී මේ හැම තත්ත්වයක් ගැනම සිතා බැලිය යුතුයි. අත්වැරැද්දක් වුණොත් වටිනා මිනිස් ජීවිතයකුයි නැති වෙන්නේ. ඒ නිසා ඩෙංගු රෝගියෙකුට මොන ප්‍රතිකාරයක් කළත් එයට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය තිබේද යන්න සොයා බැලීම රෝගීන්ගේ වගේම ජනතාවගේත් වගකීමක්. ඒ නිසා තමයි රෝගියාගේ රුධිර සාම්පල පරීක්ෂා කරල ඒ වාර්තා මත රෝගියා ඒ වෙනකොට ඉන්න තත්ත්වය මත ප්‍රතිකාර ලබා දෙන්නේ. 

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...